තවත්
    මුල් පිටුවspecialලෝක ටෙස්ට් ශූරතාව ඕස්ට්‍රේලියාව දිනාගනී

    ලෝක ටෙස්ට් ශූරතාව ඕස්ට්‍රේලියාව දිනාගනී

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය(ICC) සංවිධානය කළ 2023 ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගැනිමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අද(11) සමත් විය.

    එංගලන්තයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 469ක් රැස් කළහ. ස්ටීවන් ස්මිත් 121ක් හා ට්‍රැවිස් හෙඩ් 163ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් පෑහ.

    ඊට පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දියාවට සිය පළමු ඉනිමට ලබාගත හැකිවූයේ ලකුණු 296ක් පමණි. අජින්ක රහනේ 89ක් ලබාගනිමින් ඉන්දිය ඉනිමට යම් සාධාරණයක් එක් කළේය.

    දෙවැනි ඉනිමට ලකුණු 270ක් ලබාගත් ඕස්ට්‍රේලියාව කඩුළු 8ක් දැවි තිබියදි සිය ඉනිම අත්හිටුවා ඉන්දියාවට ආපසු පහරදීම භාර කළේය. ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිමේ යම් සාර්ථකත්වයකට පත්වූයේ ලකුණු 66ක් ලබාගත් ඇලෙක්ස් කේරි පමණි.

    ලකුණු 444ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ලකුණු 234කට සිමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ. ඉන්දිය ක්‍රිඩකයන් කිසිවෙකුටත් ලකුණු 50 පසුකර යෑමට නොහැකිවිය. නාදන් ලියොන් 41/4ක් ස්කොට් බෝලැන්ඩ් 46/3ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

    තරගයේ වීරයා සම්මානය ඕස්ට්‍රේලියානු ක්‍රිඩක ට්‍රැවිෂ් හෙඩ් ට හිමිවිය.

    ඕස්ට්‍රේලියාව 469 සහ 270/8

    ඉන්දියාව 296 සහ 234

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img