Home උණුසුම් පුවත් සිඩ්නි උසාවියකින් ඇහුණු ධනුෂ්කට වෙන්න යන දේ..

සිඩ්නි උසාවියකින් ඇහුණු ධනුෂ්කට වෙන්න යන දේ..

සිඩ්නි උසාවියකින් ඇහුණු ධනුෂ්කට වෙන්න යන දේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර සිඩ්නිහිදී සිදු වූ බව කියන සිද්ධිය හේතුකොටගෙන ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටීමට සිදුවනු ඇති බවට එරට වාර්තා පවසයි.

32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය නොවැම්බරයේ එරටදී අත්අඩංගුවට ගත් වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් ඔහු‍ට ක්‍රිකට් තහනමක් පනවන ලදී.

අනතරුව ඔහුට එරෙහි සිද්ධියට අදාළ කාන්තාව විසින් නඩු පවරා තිබූ අතර එම නඩු විභාගයේදී පසුගිය මාසයේ ඔහුට එරෙහිව තිබූ ලිංගික අතවර චෝදනා හතරෙන් තුනක් ඉවත් කර තිබුණි.

අද දින සිඩ්නි හි ප්‍රාදේශීය අධිකරණයකදී මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ධනුෂ්කට එරෙහිව ඉතිරිව පවතින චෝදනාව වන, අවසරයකින් තොරව ලිංගික සංසර්ගය පිළිබඳ චෝදනාවට තමා වරදකරු නොවන බවට ප්‍රකාශයක් ඉදිරිපත් කළ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

ධනුෂ්කගේ ඔහුගේ ඇප කොන්දේසි වෙනස් කිරීමට ගත් උත්සාහයට අනුව ඔහුට දිනපතා නොව සතියකට තුන් වතාවක් පමණක් පොලිසියට වාර්තා කිරීමට සිදුවනු ඇතැයි ද එඑරට මාධ්‍ය වාර්තා කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here