fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝඨාභයට නිවසක්: 'ගෙවල් දෙන්න මම කවුද?' -සබ්රි අහයි

    ගෝඨාභයට නිවසක්: ‘ගෙවල් දෙන්න මම කවුද?’ -සබ්රි අහයි

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමා සිටි රජයේ නිවසක් දුන් බවට ශානක්‍යන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද ප්‍රතික්ෂේප කළේය.

    අලි සබ්රි අමාත්‍යවරයා ඒ පිළිබඳ පාරර්ලිමේන්තුවේදී වැඩිදුරටත් මේ බව කියාසිටියේ ය.

    “ඊයෙ මම පාර්ලිමේන්තුවේ හිටපු නැති වෙලාවෙදි මෙතන බෙදුම්වාදී බලවේගවල කුලී හේවායෙක් ඉන්නවා පාර්ලිමේන්තුව තුළ රාසමානික්කම් කියලා. එතුමා මේ රටේ මිනිස්සුන්ගේ ජාතික ප්‍රශ්නය විසඳෙනවාට හරි අකමැතියි. එතුමාලට ඕනේ මේ ප්‍රශ්නය උඩුදුවාගෙන ගිහිල්ලා හැමදාම දේශපාලනය කරන්න. කවුරුහරි ඒක විසඳන්න උත්සාහ කරනවා නම් සම්පූර්ණයෙන්ම ඒකට විරුද්ධයි. අපි වැඩක් කරනකොට අපේ කීර්ති නාමය විනාශ කරන්න එතුමාගේ ජාත්‍යන්තර ඒජන්තයෝ, බෙදුම්වාදී බලවේගවල මිනිස්සු, උපදෙස් දෙනවා. එතුමා කුලී හේවායෙක්. එතුමා කහිනවා. ඊයෙත් කැස්සා.

    එතුමාට මම කියන්නට ඕන, ඊයේ කියලා තියෙනවා අද පත්තරවලත් තියෙනවා, මම දුන්නලු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට නිවසක්. රජයේ නිවසක්. එහෙම නිවසක් දෙන්න පුලුවන්ද මට? මම කවුද නිවෙස් දෙන්න? මම රස්සාවක් හැටියට දේශපාලනය තෝරා ගෙන ආපු මිනිහෙක් නෙවෙයි. මම අමාරුවෙන් හදාගත්ත tax ගෙවලා හදපු ගෙයක් තියෙනවා. ඒ ගෙදර මං ජීවත් වෙනවා. මං රජයේ නිවෙස්වල ජීවත් වෙලා නෑ. මං කවදාවත් රජයේ නිවෙස්වල ජීවත් වෙලා නෑ. සමහර වෙලාවට පිටරටින් එන නිලධාරීන්ට, තානාපති නිලධාරීන්ට ආගන්තුක සත්කාර කිරීම සඳහා සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා හිටපු විදේශ අමාත්‍ය ගරු ජී එල් පීරිස් මැතිතුමා හිටපු නිවසේ විතරයි මං ඉඳලා තියෙන්නේ. ඒ නිසා මම හිටපු නිවසක් කාටවත් දීලත් නෑ, දෙන්න හැකියාවකුත් නෑ. මේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් වෙලා මේ වගේ තුට්ටු දෙකේ කතා කියන්න හැකියාවක් නෑ හැම මිනිහට ම යම්කිසි dignity එකක් තියෙනවා.” යැයි ද අලි සබ්රි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.