Home උණුසුම් පුවත් සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුකාරවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවා ඇති බව සඳහන් ය.

කොබ්බෑකඩුව මහතා 2019 සැප්තැම්බර් 21 දින සිට ක්‍රියාත්මක වන පරිදි සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස සිය තනතුරේ කටයුතු කළේය.

ඊට පෙර ඔහු, 2005 දෙසැම්බර් සිට 2015 ජනවාරි දක්වා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here