Home උණුසුම් පුවත් වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා ‘වඩුවා කෙටූ ගලෙන්’ වැඩ අල්ලයි

වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා ‘වඩුවා කෙටූ ගලෙන්’ වැඩ අල්ලයි

වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා ‘වඩුවා කෙටූ ගලෙන්’ වැඩ අල්ලයි

දඹදෙණිය ප්‍රදේශයේ පිහිටි ‘වඩුවා කෙටූ ගල’ පාදම කොටස ආශ්‍රිතව සිදුකරන කළු ගල් කැඩීම තාවකාලිකව නතර කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජමහ විහාර භූමියේ පසුගිය 02වැනිදා නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ආණ්ඩුකාර ලේකම් ඉන්දික ඉලංගකෝන් මහතාට මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන්නැයි දන්වා ඇත.

තුන්වැනි රාජධානිය අයිති දඹදෙණිය ශ්‍රී දළඳා වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූමිය ද වේ. වඩුවා කෙටූ ගලේ පාදම කොටස කළු ගල් කැඩීමේ මූවා වෙන් විශාල විනාශයක් කරගෙන යන බවට සංඝයාවහන්සේලා, දේශපාලඥයන් සහ ගම් වැසියෝ චෝදනා කරති.

මේ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසු එහි නිරික්ෂණ චාරිකාවක නියැළුණු ආණ්ඩුකාරවරයා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යංශය ඇතුළු ඊට අදාළ නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here