fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලිංගිකත්වය ක්‍රීඩාවක් කළ පළමු රට ස්වීඩනය වෙයි! (Update)

    ලිංගිකත්වය ක්‍රීඩාවක් කළ පළමු රට ස්වීඩනය වෙයි! (Update)

    Update: ස්වීඩනයේ ජාතික ක්‍රීඩා සම්මේලනයේ සාමාජිකයෙකු වීම සඳහා, එරට තුළ ක්‍රියාත්මක බව කියන ලිංගික සම්මේලනයේ සභාපති ඩ්‍රැගන් බ්‍රැටිච් ඉදිරිපත් කළ අයදුම්පත එරට ජාතික ස්වීඩනයේ ක්‍රීඩා සම්මේලනය විසින් අප්‍රේල් මාසයේදී ප්‍රතික්ෂේප කර ඇත.

    එම අයදුම්පත ජාතික ක්‍රීඩා සම්මේලනයට ඉදිරිපත් කිරීමෙන් පසුව බ්‍රැටිච් ප්‍රාදේශීය මාධ්‍යයක් වෙත කර තිබූ ප්‍රකාශයක් ට්විටර් සමාජ ජාලය පුරා පුවත් මැවූ මෙම තොරතුර, ජාතික ක්‍රීඩා සම්මේලනය අදාළ යෝජනාව ප්‍රතික්ශේප කිරීමත් සමගම අහෝසි වී තිබේ.

    ස්වීඩන් මාධ්‍ය වාර්තාවලට අනුව, බ්‍රැටිච් විසින් දකුණු ස්වීඩනයේ strip club කිහිපයක් පවත්වාගෙන යයි.

    ජාතික ක්‍රීඩා සම්මේලනයේ සාමාජිකයෙකු වීමට අයදුම්පත ඉදිරිපත් කළ බවත්, තම සංවිධානයට අංකයක් ඇති බවත්, ලිංගිකත්වය වෙනත් ඕනෑම ක්‍රීඩාවක් මෙන් ක්‍රීඩාවක් බවත් ඔහු ගෝතන්බර්ග් ප්‍රාදේශීය මාධ්‍යයට පැවසූ කරුණු පුවත් වාර්තාවලට හේතු වී ඇත.

    කෙසේ වෙතත්, මාස කිහිපයකට පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, ජාතික ක්‍රීඩා සම්මේලනය පැවසුවේ, ස්වීඩන් ලිංගික සම්මේලනයේ අයදුම්පත නියමිත වේලාවට ඉදිරිපත් කර ඇති නමුත්, එය “අසම්පූර්ණ” බවයි. ඊට අමතරව, ඒ වන විට, තවත් සංගම් හතරක් ද ප්‍රතික්ෂේප කර ඇත.

    ඉන්දියානු මාධ්‍ය වාර්තා විශාල වශයෙන් පහත පරිදි පුවත පළකිරීමත් සමග ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පිළිබඳ අවධානය යොමු කරමින් ස්වීඩනයේ ක්‍රීඩා සම්මේලනයේ සන්නිවේදන අධ්‍යක්ෂිකාව පවසා ඇත්තේ එරට ජාතික ක්‍රීඩා සම්මේලනය යටතේ ලිංගික ක්‍රීඩා සම්මේලනයක් සාමාජිකත්වය නොදරන බවයි.


    පෙර පුවත:
    ලිංගිකත්වය නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි කළ ලොව පළමු රට බවට ස්වීඩනය පත්වෙයි.

    ලබන ජුනි 8 වනදා එරට ගොතන්බර්ග්හිදී ප්‍රථම වරට යුරෝපීය ලිංගික ශූරතාවලිය (European Sex Championship) පැවැත්වීමට ද නියමිත බව විදෙස් වාර්තා පවසයි.

    යුරෝපා රටවල ඕනෑම අයකුට මෙම තරඟයට සහභාගි විය හැකි ය.

    මෙම තරඟයට සහභාගී වන පුද්ගලයින් දිනකට පැය හයක් දක්වා ලිංගික සැසිවල සහභාගි වනු ඇත.

    අදාළ තරඟයේ ජයග්‍රාහකයින් විනිශ්චය මණ්ඩලයක් විසින් තීරණය කරනු ලබන අතර අවසාන තීරණ සඳහා ජුරියේ විනිශ්චයෙන් 30% ක් සහ ප්‍රේක්ෂක ඡන්දය 70% වශයෙන් බෙදී යයි.

    යුරෝපීය ලිංගික ශූරතාවලිය ජුනි 8 වන දින ආරම්භ වන අතර සති හයක කාලයක් පුරා පැවැත්වේ.

    සහභාගිවන්නන් ඔවුන්ගේ තරඟවල කාලසීමාව අනුව දිනකට මිනිත්තු 45 සිට පැය 1 දක්වා ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වේ.

    අඹුසැමියන් අතර පවතින රසායනික ගැළපීම, ලිංගිකත්වය පිළිබඳ දැනුම, විඳදරාගැනීමේ මට්ටම යනාදී කරුණු සලකා බලා වර්ගීකරණ 16ක් යටතේ ජයග්‍රාහකයින් පිළිබඳ අවසන් තීරණයට එළැඹෙනු ඇතැයි එම වාර්තාවල දැක්වේ.

    විශේෂයෙන්ම, ලිංගිකත්වය සහ කාමවාදය පිළිබඳ සංස්කෘත ග්‍රන්ථයක් ලෙස සැළකෙන ‘කාමසූත්‍ර’ පිළිබඳ දැනුම ද තීරණ ගැනීමේදී කාර්යභාරයක් ඉටු කරන බවත් සහභාගිවන්නන්ට ‘කාමසූත්‍ර’ ගැන ඇති ඔවුන්ගේ දැනුම මත ලකුණු ලැබෙනු ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය.

    මූලික ලියාපදිංචි කිරීම්වලට අනුව විවිධ රටවලින් 20 දෙනෙකුගේ සහභාගීත්වය මෙම ශූරතාවලිය තුළදී දැක බලා ගත හැකි වනු ඇත.

    ජයග්‍රාහකයින් තිදෙනෙකු ඉන් තෝරාගැනේ.

    ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස පිළිගැනීම නොවැළැක්විය හැකි බව ස්වීඩන් ලිංගික සම්මේලනයේ සභාපති ඩ්‍රැගන් බ්‍රැටිච් පවසා ඇත.

    ඔහු, ලිංගික ක්‍රියාකාරකම් තුළින් ශාරීරික හා මානසික යහපැවැත්මේ හැකියාව සහ පුහුණුවේ වැදගත්කම ඉස්මතු කළේය.

    “වෙනත් ඕනෑම ක්‍රීඩාවක් මෙන්, ලිංගිකත්වය තුළ අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට පුහුණුව අවශ්‍ය වේ. එමනිසා, මිනිසුන් මෙම විෂය තුළද තරඟ කිරීමට පටන් ගැනීම තර්කානුකූලයි” බ්‍රැටිච් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.