තවත්
    මුල් පිටුවspecialදෙහිවල දී කරකාර බැන්ඳ ජගුවර යුවල

    දෙහිවල දී කරකාර බැන්ඳ ජගුවර යුවල

    නෙදර්ලන්තයේ ආර්.ටීස් සත්වෝද්‍යානයෙන් මෙරටට ලැබුණු ගැහැණු කළු ජගුවරයෙකු වූ ලෙයා සහ බෙස්ට් සත්වෝද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ලබාගත් ලෙනාවෝ පිරිමි ජගුවරයා පසුගිය දා දෙහිවල සත්වෝද්‍යානයේ දී කරකාර බැඳ තිබේ.

    මෙම යුවල පසුගිය 01 වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ට එක් නිවහනක දි දැකගත හැකිය. මෙලනින් අධික නිසා සම කළු වර්ණයෙන් දිස්වෙන ලෙයා 2017 වසරේ දි උපත ලබා ඇති අතර මෙරටට ඇය ප්‍රදානය කර ඇත්තේ 2019 වර්ෂයේ දී ය.

    ලෙයා දීර්ඝ කාලයක් තනිව වාසය කර ඇති අතර ඇයට සහකරුවකු සොයා දිම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ප්‍රමාද වූ බව දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය පැවසුවාය.

    ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේදී නෙදර්ලන්තයේ බෙස්ට් සත්ත්වෝද්‍යානයෙන් දඬු ලේන් ජෝඩු දෙකකට කළු ජගුවරයෙක් හුවමාරු කරගෙන තිබේ. මොවුන් එකිනෙක කරකාර බැඳීම සාර්ථක වි ඇත්තේ එලෙසය.

    මෙසේ එක් නිවහනකට පැමිණි මේ යුවල අනාගතයේ සත්ත්ව සංරක්ෂණ ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරමින් නව පරපුරක් බිහි කරනු ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය බලාපොරොත්තු දල්වන්නිය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img