තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිය -ගුවන් සේවා ඇතුළු ආයතන 5කට කඩිනම් වෙනසක් මහබැංකුව ඉල්ලයි

    විදුලිය -ගුවන් සේවා ඇතුළු ආයතන 5කට කඩිනම් වෙනසක් මහබැංකුව ඉල්ලයි

    විදුලිය, ඛනිජ තෙල්, ජලය, ප්‍රවාහන සහ ගුවන් සේවා ආයතන කඩිනමින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයකට පත්කළ යුතුයැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර තිබේ.

    මෙම ආයතනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙහෙයුම් අකාර්යක්ෂමතා, දුර්වල පරිපාලනය සහ අයථා කළමනාකරණය වැනි දුර්වලතාවලින් පෙළෙන බව ද දිගින් දිගටම ආයතන වලට දේශපාලනය මැදිහත්වීමෙන් ඉහළ තනතුරු පුරවා ඇතැයිද එම නිසා අධික ශ්‍රම බලකාය වැනි ගැටලු රැසකින් මෙම ආයතන පීඩාවට පත්ව තිබෙන බවද මහ බැංකුව සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකා මහබැංකුව මෙම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇත්තේ අලුත්ම වාර්ෂික වාර්තාවෙනි.

    ඉහත ආයතන වල දුර්වලතා මූල්‍ය කාර්ය සාධනය නිසා රාජ්‍ය බැංකුවලට සහ මෑත කාලීනව ඇතැම් පෞද්ගලික බැංකු වලට ඇතිකරන අහිතකර බලපෑමත් රජයට මූල්‍ය හානි වීමත් වැනි බරපතළ තත්ත්වයන් මතුවී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසර වෙනුවෙන් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img