Home ජීවන රටාව ටීවී ඇඩ්වලින් වස කැවීම ගැන පුළුල් පර්යේෂණයක්

ටීවී ඇඩ්වලින් වස කැවීම ගැන පුළුල් පර්යේෂණයක්

0
ටීවී ඇඩ්වලින් වස කැවීම ගැන පුළුල් පර්යේෂණයක්

සෞඛ්‍යයට අහිතකර ආහාර පාන පිළිබද රූපවාහිනී ප්‍රචාරයේ ව්‍යාප්තිය හා ස්වභාවය සම්බන්ධයෙන් ආසියාවේ රටවල් 09 ක ළමුන් යොදා ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලය සහ මලයාසියාවේ ටේලර්ස් විශ්ව විද්‍යාලය ඒකාබද්ධ පර්යේෂණයක් පැවැත්වීමට එකගතාවක් ඇතිකර ගෙන තිබේ.

යෝජිත එම පර්යේෂණ ව්‍යාපෘතිය සදහා ගිවිසුම් ගතවීමට අධයාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (10) කැබිනට් අනුමැතියද හිමිව ඇත.

කැනඩාවේ ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මලයාසියාවේ ටේලර්ස් විශ්ව විද්‍යාලයට එම පර්යේෂණයට අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබාදෙනු ඇත. කොළඹ විශ්ව විද්‍යාලය පැත්තෙන් සිදුවන අදාල පර්යේෂණයේ කටයුතු සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මලයාසියාවේ ට්‍රේලර් විශ්ව විද්‍යාලය විසින් ලබාදෙනු දෙන බව සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here