තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බදු ෆයිල් ඇරපු පලියට බදු ගහන්නෙ නෑ

    බදු ෆයිල් ඇරපු පලියට බදු ගහන්නෙ නෑ

    බදු ලිපිගොනු විවෘත කිරීමෙන් සිදුකරනු ලබන්නේ ලියාපදිංචි වන හැමදෙනාගෙන්ම බදු අයකිරීමට නොව රාජ්‍ය ආදායම යම්කිසි නියාමනයකට ලක්කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

    ඉදිරි සුබසාධන දීමනා මෙම බදු ගොනු අංකය යටතේ ලබාදීමට නියමිත බවද හෙතෙම කීය.

    “සියලුදෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම්කිසි නියාමනයකට ගෙන එන එක රාජ්‍ය ආදායම. සමහර අයට ඒ ලිපිගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ, ඔහු ලියාපදිංචි වෙන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම සිද්ධවෙන්නෙත් ඒ ලිපිගොනුවේ තොරතුරු අනුව. ඒක ලෝකයේ බොහෝ රටවල තියෙන එකක්.

    මේ ගැසට් පත්‍රයෙන් අදහස් වෙන්නේ විශේෂයෙන් ම ජූනි මාසයේ 1 වනදා ඉඳලා මේ රටේ බදු ගෙවිය හැකි යැයි විද්‍යාමාන වෙන කැපී පෙනෙන පන්තිවලට ආරාධනා කරලා තියෙනවා කරුණාකරලා බදු ලිපිගොනුවක් විවෘත කරන්න කියලා. විශේෂයෙන් වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරු මහත්වරු වගේ කැපී පෙනෙන කණ්ඩායම් ඉන්නවා. එවැනි කණ්ඩායම් 14කට මේ ගැසට් එක නිකුත් කරලා තියෙනවා.” යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img