Home COVID එංගලන්තයේ පන්ති කාමරවලට තවදුරටත් Mask ඕනෙ නෑ

එංගලන්තයේ පන්ති කාමරවලට තවදුරටත් Mask ඕනෙ නෑ

එංගලන්තයේ පන්ති කාමරවලට තවදුරටත් Mask ඕනෙ නෑ

මැයි 17 න් පසු එංගලන්තයේ ද්විතීයික පාසල් පන්ති කාමර තුළ මුඛ ආවරණ තවදුරටත් අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

පසුගිය මාර්තු මාසයේදී නැවත පාසල් ආරම්භ කළ දා සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබුණි.

නමුත් එරට ලොක්ඩවුන් සීමා ලබන 17දා ඉවත් කිරීමත් සමග එහි එක් පියවරක් ලෙස පන්ති කාමර තුල mask පැලදීම ද අවසන් වනු ඇත.

මුඛ ආවරණ, සන්නිවේදනය හා ඉගෙනීමට බාධා ඇති කරන බව මෙම පියවරට හේතු ලෙස දක්වා තිබේ.

නමුත් මුඛ ආවරණ ඉවත් කිරීමට ගත් තීරණය කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාව තහවුරු වූ බවට වන සාක්ෂියක් යැයි පිළිගැනීමට අසීරු බව එරට විදුහල්පතිවරු සහ ගුරුවරු අනතුරු ඇඟවති.

එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ නවතම දත්ත මගින් පෙන්නුම් කරන්නේ වෛරස ආසාදන අනුපාතය අඛණ්ඩව අඩුවෙමින් පවතින බවත් මාස්ක් පැළඳ නොගැනීම ගුරුවරුන් සහ සිසුන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here