Home උණුසුම් පුවත් ජාඇල OICගේ ජිප් රියේ කුණුහරුප ලියූ හිටපු පරිපාලන OIC අත්අඩංගුවට

ජාඇල OICගේ ජිප් රියේ කුණුහරුප ලියූ හිටපු පරිපාලන OIC අත්අඩංගුවට

0
ජාඇල OICගේ ජිප් රියේ කුණුහරුප ලියූ හිටපු පරිපාලන OIC අත්අඩංගුවට
Man's hand scratching a car with a key.

ජා-ඇල පොලිස් ස්ථාන භූමියේ නතරකර තිබුණු පොලිස් ස්ථානාධිපතිවරයාට වෙන්කර ඇති පොලිස් ජිප් රථය සූරා කුණුහරුප සටහන්කල ජා-ඇල පොලීසියේ හිටපු පරිපාලන අංශයේ ස්ථානාධිපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ස්ථාන භූමියේ ගරාජයේ නතරකර තිබුණු මෙම ජිප් රථයේ කුණුහරුප ලියා තිබුණේ පසුගිය පෙබරවාරියේදීය. ජිප් රථයේ බොනට්ටුවේත් පැති දොරවල්වලත් සූරමින් කුණු හරුප සටහන්කර තිබුණි.

මෙම කැත වැඩේකර ඇත්තේ පොලිස් ස්ථානයේම සේවයේ නිරතව සිටි පරිපාලන අංශ ස්ථානාධිපතිවරයා බව තහවුරුවන්නේ ඇගිලි සලකුණු පරික්ෂාවකදිය.

අත්අඩංගුවටගන්නා විට මෙම නිලධාරියා සිටියේ සේවය අතහැර ගොසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here