Home උණුසුම් පුවත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වන දවස

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වන දවස

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වන දවස

අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අගෝස්තු මාසයේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පවසයි.

උසස් පෙළ 2022 විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක අතර විද්‍යා විෂයන්ගේ පිළිතුරු පත්‍ර ඇගැයීම් ජුනි මස මැදදී ආරම්භ වේ.

ඇගැයීම් කටයුතුවලට සම්බන්ධ වූ පිරිසට ගෙවනු ලබන අත්තිකාරම් දීමනාව අඩුකොට නැති බව කී කොමසාරිස් ජනරාල්වරයා ඔවුන්ට රුපියල් 10,000ක මුදලක් අත්තිකාරම් ලෙස ලබා දීමට පියවර ගෙන ඇතැයි පැවසීය.

මිට පෙර උත්තර පත්‍ර ඇගයිමේ දි ලබාදුන් රුපියල් 5000 දිමනාව වෙනුවට මෙවර උත්තර පත්‍ර ඇගැයූ දින පහකට දිනකට රුපියල් 2000 බැගින් රුපියල් 10,000ක් දීමට පියවර ගෙන ඇත.

උත්තර පත්‍ර ඇගැයීමේදී කිලෝමීටර 80ක දුරක සිට පැමිණෙන්නේ නම් රුපියල් 2000ක් ද දුර ප්‍රමාණය කිලෝමීටර 81කට වැඩි නම් රුපියල් 2900ක දීමනාවක් ද ගෙවනු ලැබේ.

උත්තර පත්‍ර බලන්නන්ට දිනකට රුපියල් 2000ක සංයුක්ත දීමනාවක් ගෙවීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here