Home උණුසුම් පුවත් ආගමික අසමගිය ඇති කළොත් දැඩි දඬුවම්

ආගමික අසමගිය ඇති කළොත් දැඩි දඬුවම්

ආගමික අසමගිය ඇති කළොත් දැඩි දඬුවම්

ආගමික අසමගිය ඇති කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඒ අනුව යම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහ කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහය 291 (අ), (ආ) අනුව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව හෙතම සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශය අද (30) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ සනාථ කර තිබේ.

රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින විවිධ අරමුණු සහිත විවිධ කොටස් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව ද එහි සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here