තවත්
    මුල් පිටුවspecialIPL කිරුළ චෙන්නායි පිළට

    IPL කිරුළ චෙන්නායි පිළට

    රවීන්ද්‍ර ජඩේජා අවසන් පන්දු දෙකට හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කරමින් චෙන්නායි සුපර් කිංග්ස් පිළට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා දීමට අද(30) සමත් විය.

    මෙම ජයග්‍රහණය සමගින් IPL වැඩිම වතාවක් ශූරයන්වීමේ මුම්බායි ඉන්දියන්ස් වාර්තාව සම කිරීමට චෙන්නායි පිළ සමත් විය.

    සායි සුදර්ශන් ගුජරාට් ටයිටන්ස් පිළ ලකුණු 214/4 දක්වා ඉදිරියට ගෙන ගියේ පන්දු 47කදී ලකුණු 96ක් ලබාගනිමිනි. 23 හැවිරිදි සායි ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් සහ හයේ පහර 6 ක් ඇතුළත් කළේය.

    මීට පෙර, ඔහුගේ දක්‍ෂ ආරම්භක සගයා වූ ශුබ්මන් ගිල් පන්දු 20කට ලකුණු 39ක් හා වර්ධනමාන් සාහා පන්දු 39කට ලකුණු 54ක් රැස් කළේය.

    කෙසේ වෙතත්, CSK ඉනිමේ පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවෙන් පසුව ක්‍රීඩාංගනයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ තරගය නතර විය.

    මේ නිසා තරගය පන්දුවාර 15කට සීමා වූ අතර CSK පිලේ ඉලක්කය ලකුණු 171ක් ලෙස සංශෝධනය විය.

    ඩෙවන් කොන්වේ(Devon Conway), අජින්කෙ රහනේ(Ajinkya Rahane), ශිවම් ඩියුබ්(Shivam Dube) සහ ඇම්බති රැයුදු(Ambati Rayudu) ගේ විශාල පහරවල් CSK ගේ ජයග්‍රහණයට උදව් කළ නමුත් ඒ සෑම අවස්ථාවකම මෝහිත් ශර්මා( Mohit Sharma) වැදගත් කඩුලු ලබා ගනිමින් තරගය තීරණාත්මක කළේය.

    මෝහිත් අවසන් පන්දුවාරය යැවූ අතර අවසන් පන්දු දෙකේදී ජයග්‍රහණය සඳහා චෙන්නායි පිළට ලකුණු 10ක් අවශ්‍ය විය.

    නමුත් රවීන්ද්‍ර ජඩේජා දෙවැනි අවසන් පන්දුව හයේ පහරක් සහ අවසන් පන්දුව හතරේ පහරක් එල්ල කරමින් CSK පිලට කඩුලු 5ක ජයග්‍රහණයක් සහ ඔවුන්ගේ පස්වැනි ශූරතාව හිමිකර දුන්නේය.

    මෙවර ශූරතාවය හිමිකරගත් චෙන්නායි පිලට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුලත් වූ අතර වේග පන්දු යවන මතීෂ පතිරණ සහ දග පන්දු යවන මහේෂ් තීක්ෂණ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම කැපී පෙනේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img