Home උණුසුම් පුවත් වර්ෂාවට කල් දැමුණු IPL මහා තරගය අද

වර්ෂාවට කල් දැමුණු IPL මහා තරගය අද

වර්ෂාවට කල් දැමුණු IPL මහා තරගය අද

අධික වර්ෂාව හේතුවෙන් කල් දැමුණු සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL 2023) අවසන් මහා තරගය අද(29) රාත්‍රි 7.30ට පැවැත්වෙයි.

weather.com හි ඇති දත්ත වලට අනුව අද දිනයේ වැසි ඇතිවේයැයි පුරෝකථනය කර නොමැති නමුත්, සුළං වේගය පැයට කිලෝමීටර 10-15 අතර පරාසයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අවසන් තරගය ජය ගැනීමට chennai super kings (CSK)සමත් වුවහොත් එය ඔවුන්ගේ පස්වන IPL ශූරතාව වනු ඇත. අනෙක් අතට පසුගිය වසරේ ශූරයන් වූ ගුජරාටය තම ශූරතාවය සාර්ථකව ආරක්ෂා කර ගැනීමට බලාපොරොත්තු වනු ඇත.

ශතක තුනක් සහ අර්ධ ශතක හතරක් ලබා ඇති ශුබ්මන් ගිල් වෙත බොහෝ අවධානය යොමු වී තිබේ. මතීෂ පතිරණ සහ මහේෂ් තීක්ෂණ චෙන්නායි පිල වෙනුවෙන් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here