fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ගහන්න ඕන නම් අපිව පට්ට ගහන්න.. ආගමික ශාස්තෘවරුන්ට අවමන් එපා"

    “ගහන්න ඕන නම් අපිව පට්ට ගහන්න.. ආගමික ශාස්තෘවරුන්ට අවමන් එපා”

    යමකුට අපහාස කර සන්තෝස වීමට අවශ්‍ය නම් ස්වාමීන්වහන්සේලාට එසේ සිදුකරන ලෙසත් ආගමික ශාස්තෘවරුන්ට අවමන් කිරීමෙන් වළකින ලෙසත් පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පවසති.

    මේ දිනවල සමාජයේ ආන්දෝලනයටත් නීතිමය ක්‍රියාවලීන් අතරටත් මැදිව සිටින, ආගමික ශාස්තෘවරුන්ට අපහාස වන ප්‍රකාශ සිදුකරන ප්‍රහසන ශිල්පීන් (stand-up comedians) පිළිබඳ බණ දේශනාවක් අතරතුර අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කීහ.

    “පට්ට ගහගහා සන්තෝස වෙන්න ඕන නම් මෙන්න මේ අපිව පට්ට ගහන්නකෝ. හාමුදුරුගොල්ලන්ට බැන බැන ඇතිවෙන්න සන්තෝසවෙන්න. බුදුරජාණන්වහන්සේට, උන්වහන්සේගේ උතුම් වූ සද්ධර්මයට, වෙනත් ආගමික ශාස්තෘවරුන්ට අවමන් කර කර සමච්චල් කර කර අකුසල් පුරෝගන්න වැඩ කරන්න එපා.

    ඒවා අලුතින් බිහහිවෙලා ඉන්නේ. ඉතාම වැදගත් stand-up comediansලා ඒ කලාව ලංකාවට හඳුන්වා දීපු මිනිස්සුන්ගේ කලා නිර්මාණ අපි බලලා තියෙනවා. ඒවයේ කවදාවත් මිනිසුන්ගේ ආගමික ශාස්තෘවරු ජෝක් කරන්නේ නෑ. මොකද ඒගොල්ලෝ දන්නවා සමහර මුල් කඩලා දැම්මට පස්සේ, ඒවට හිංසා කළාට පස්සේ ඇතිවෙන විනාශය” යැයි ද උන්වහන්සේ කීහ.

    මේ පිළිබඳද වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ මෙසේද කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.