තවත්
    මුල් පිටුවspecialඅහසේදී මගියකු ගුවන්යානක දොර අරී

    අහසේදී මගියකු ගුවන්යානක දොර අරී

    දකුණු කොරියානු ගුවන් සමාගමක් වන ඒෂියානා ගුවන් සේවයට අයත් යානයක් දකුණු කොරියාවට ගොඩබස්වන අවස්ථාවේදී එහි දොරටුවක් විවෘත කළ පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒෂියාන ගුවන් සේවයට අයත් එයාර්බස් A321-200 වර්ගයට අයත් ගුවන් යානය ඊයේ (26) දකුණු කොරියාවට අයත් ජෙජු දූපතෙන් පිටත්ව දකුණු කොරියාවට බලා ගමන් ගෙන තිබේ. මෙලෙස ගමන් ගත් ගුවන්යාන ගොඩ බැස්වීමට ඉතා ආසන්න අවස්ථාවේදී සිය අසුනෙන් නැගිට ගුවයන් යානයේ දොරටුව අදාල පුද්ගලයා විසින් විවෘත කර ඇත.

    යානයේ දොරටවු විවෘත කිරීමත් සමඟම දැඩී පීඩන තත්ත්වයක් ඇතිව තිබේ. කෙසේ වෙතත් යානයේ ඉතා ආරක්ෂිතව ගොඩ බැස්සවීමට නියමුවන් සමත්ව ඇති අතර ගමන් ගත් මගීන් 194 දෙනාමට කිසිඳු අනතුරක් සිදුව නොමැති බවද වාර්තාවේ.

    දොරටවු විවෘත වීමත් සමඟ ඇති වූ පීඩන තත්ත්වය හේතුවෙන් ඇතැම් මගීන් ක්ලාන්ත වී ඇති අතර තවත් කිහිප දෙනෙකුට හුස්ම ගැනීම අපහසුතා හටගෙන තිබූ අතර පසුව ඔවුන් රෝහල් ගත කළද ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
    මෙම දොරටුව විවෘත කළ පුද්ගලයා අවුරුදු තිහත් හතලිහත් අතර වයසේ පසුවන්නෙකු බවට වාර්තා වේ. ඔහු මෙලෙස දොරටුව විවෘත කර ඇත්තේ තමන්ට කඩිනමින් යානයෙන් බැසයාමට අවශ්‍ය බවට පවසමින් බවටද වාර්තාවේ.
    දකුණු කොරියානු පොලිසය සඳහන් කර සිටියේ, ප්‍රශ්න කිරීම් වලදී අදාල පුද්ලයා ප්‍රකාශ කර ඇතතේ මෑතකදී රැකියාව අහිමිවීමෙන් පසු තමන් ආතතියට පත්ව සිටි බවයි.

    “ඔහු මේ වන විට මානසිකව ගැටලුවලට මුහුණ දී සිටිනවා. ඔහුගේ තත්වය නිසා අපට ඔහු ගැන නිසි ලෙස විමර්ශනය කිරීමට නොහැකි විය,” යනුවෙන් කොරියාන පොලිසිය විසින් මාධ්‍ය වෙත සඳහන් කර ඇත. .

    සාමන්‍යෙයන් ගුවන් ගත වූ ගුවන් යානයක දොරටුව වීවෘත කිරීමට අපහසුය. ඊට ප්‍රධානම හේතුව වන්නේ අඩි දසදහසක් පමණ ඉහළින් ගමන් කරන විට පවතින වායු පීඩන වල වෙනස්ම්ය.
    කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන්නේ යානය පහලින් ගමන් ගන්නා විට පිටත පවතින පීඩන යානයේ පවතින පීඩනයට සමාන වන බැවින් දොරටුව විවෘත කිරීමේ හැකියාව පවතින බවයි.

    මේ අතර 2013 වර්ෂයේදී වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රම්ඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රම්ඹුක්වැල්ල විසින්ද උඩු ගුවනේදී ගුවන්යානක දොරටුව විවෘත කිරීමට තැත්කිරීමත් වාර්තා විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img