තවත්

    රෝසිට තනතුරක්

    කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කෙරේ.

    ඇය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ධුර ඇතුළු තනතුරු ගණනාවක් හෙබවූ සමාජ ක්‍රියාකාරිනියකි.

    2001-2004 වර්ෂයේ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර දරූ ඇය 2009–2010 වසරේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර හොබවා තිබේ.

    ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස 2015 වසරේ කටයුතු කර තිබෙන ඇය අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙසද කටයුතු කර ඇත.

    සමාජ ක්‍රියාකාරිනියක ලෙස ද කටයුතු කරන ඇය 1980 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළද 1984 වසරේ ලෝක විවාහක කිරුළ මෙන්ම රූප රාජිනියක ලෙස ජාත්‍යන්තර කිරුළු කිහිපයක් ලබාගත් කාන්තාවකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img