තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවිෂ්ක යළි ක්‍රිකට් පිටියට

    අවිෂ්ක යළි ක්‍රිකට් පිටියට

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු අවිශ්ක ගුණවර්ධනට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව සමග සම්බන්ධ වියහැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

    ඒ ඔහුට එරෙහිව එල්ල කර තිබූ දූෂණ චෝදනා දෙකකින් නිදහස් කිරීමට ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් ඒකමතිකව තීරණය කර තිබීම හේතුවෙනි .

    එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් එම චෝදනා එල්ලකර තිබුණි.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ 2.1 වන වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා තරගයට ඕනෑම සහභාගිවන්නෙකුට සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පොළඹවීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම සම්බන්ධව ගුණවර්ධනට එරෙහිව චෝදනා ගොනු කරන ලදී.

    2.4.5 වගන්තිය සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව නඩු පවරා ඇත. ඒ “තරඟයට සහභාගී වන්නකුගේ අවධානයට ලක්වන ඕනෑම සිදුවීමක්, කරුණක් හෝ කාරණයක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු (අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව)දූෂණ වංචා විමර්ශන කමිටුවට හෙළි කිරීමට අපොහොසත් වීම. ” යන කරුණ වෙනුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img