තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝග සුවකරන්න ගිහින් තරුණිය දූෂණය කළ පූසාරි කොටු

    රෝග සුවකරන්න ගිහින් තරුණිය දූෂණය කළ පූසාරි කොටු

    ගංජා මිශ්‍ර රොටි කන්නට දී මත්පපැන් පොවා 20 හැවිරිදි තරුණියක් මත්කර දූෂණය කළ කෝවිල පූජකවරයෙකුව ඔඩ්ඩුසුඩාන් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ත්‍රිකුණාමලය සුරනගර් හී පිහිටි පදිංචිකරුවෙක්වන 33 හැවිරිදි මෙම පූජකවරයා විසින් දූෂණයකර ඇත්තේ යාපනය පූතූර් හී පදිංචි තරුණියකවය.

    මෙම තරුණියව ඔහු විසින් දූෂණකර ඇත්තේ ඇය ඔඩ්ඩුසුඩාන් හී ඥාති නිවසකට පැමිණ සිටියදීය.

    මෙම පූජකවරයා ඔඩ්ඩුසුඩාන් හී අලුතින් ඉදිකර ඇති කෝවිලක පූජකවරයෙක් ලෙස කටයුතු කරන බව පොලීසිය කියයි. එම කෝවිල ඇත්තේ ඇගේ ඥාති නිවස ආසන්නයේය. මෙම තරුණිය ඇගේ ඥාතීන් සමඟ පසුගිය දිනක කෝවිලේ පූජාවකට ගොස් සිටියදී පූජකවරයා ඥාතීන්ට පවසා ඇත්තේ තරුණියගේ සිරුර තුළ දොස් සහ රෝග ඇති බවය. ඒවාට ප්‍රතිකාර ක්‍රමයක් තමා සතුව ඇති බව කියමින් ඇයට නොමිලයේම එම ප්‍රතිකාර ක්‍රමය කිරීමට දිනයක් යොදාගෙනන ඉකුත් 16 වෙනිදා ඇයට ප්‍රතිකාර කරන්නට පටන්ගෙන ඇත්තේ ඥාති නිවසේ කාමරයක් තුළදීය.

    එහිදී පූජකවරයා විසින් ඇයට ගංජා මිශ්‍ර රොටි කන්නට දී මත්පැන් පොවා ඇයව මත්කර දූෂණයකර ඇත්තේ කාමරයට කිසිවෙකුටත් ඇතුල්වීමට ඉඩ නොදීය.

    මේ සම්බන්ධයෙන් ඇය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුව අද අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img