fbpx
තවත්
    මුල් පිටුවspecialඇමරිකාව යුක්‍රේනයට F-16 ප්‍රහාර යානා දෙන්න එකඟ වෙයි

    ඇමරිකාව යුක්‍රේනයට F-16 ප්‍රහාර යානා දෙන්න එකඟ වෙයි

    ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට නිෂ්පාදිත F-16 ඇතුළු දියුණු ප්‍රහාරක ජෙට් යානා යුක්රේනයට සැපයීමට තම බටහිර රටවලට අවසර ලබා දෙන බවට බව එක්සත් ජනපද රජය පවසයි.

    එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පැවසුවේ සිකුරාදා ජපානයේ පැවති සමුලුවේදී ජනාධිපති ජෝ බයිඩන් මෙම තීරණය “ඔහුගේ G7 සගයන්ට දැනුම් දුන්” බවයි.

    එක්සත් ජනපද හමුදා යුක්‍රේන ගුවන් නියමුවන්ට ජෙට් යානා භාවිතා කිරීමට පුහුණු කරනු ඇති බව සුලිවන් එහිදී වැඩුදරටත් පැවසීය.

    රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟම එරට ගුවන් යානා විශාල සංඛ්‍යාවක් විනාශ වූ අතර ඉතිරි වූ යානා සෝවියන් යුගයේ නිෂ්පාදිත පැරණි ගුවන්යානා විය. මේ හේතුවෙන් යුක්‍රෙන්ය විසින් දිගු කලකට පටන් බටහිර රාජ්‍යන්ගෙන් දියුණු ජෙට් යානා ඉල්ලීම් කළ සිටියේය. ඒ අනුව එක්සත් ජනපදය විසින් තමන් F-16 ප්‍රහාරක යානා යුක්‍රේනයට ලබාදීමට ගත් කැමැත්ත පළකිරීමට “ඓතිහාසික තීරණයක්” ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

    මිත්‍ර පාක්ෂිකයින් විසින් එක්සත් ජනපදයෙන් මිලදී ගන්නා ලද යුධ උපකරණ ප්‍රතිඅපනයනය කිරීම සඳහා එක්සත් ජනපදය නීත්‍යානුකූලව අනුමත කළ යුතුය. ඒ අනුව එක්සත් ජනපදයට මිත්‍ර රටවල් හට දැනට ඔවුන් සතුව පවතින F-16 ප්‍රහාරක යානා යුක්රේනයට යැවීමට මෙම පියවර මගින් මග සලසනු ඇත.

    එක්සත් ජනපද ආරක්ෂක සුලිවන්හිරෝෂිමා හි වාර්තාකරුවන්ට පවසා සිටියේ, “දැන් අපි යුක්රේනයේ ආත්මාරක්ෂාව සඳහා අපගේ දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස යුක්රේන ගුවන් හමුදාව වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡා වෙත යොමු වී ඇත.ඉදිරි මාසවලදී පුහුණු කිරීම් ආරම්භ වන විට, ගුවන් යානා ලබා දෙන්නේ කවදාද, ඒවා බෙදා හරිනු ලබන්නේ කවුරුන්ද සහ කොපමණ ප්‍රමාණයක් ලබා දෙන්නේද යන්න තීරණය කිරීමට අපි අපගේ මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරනවා”යනුවෙනි.
    මේ අතර ඇතැම් නේටෝ සාමාජික රටවල් යුක්රේනයට ජෙට් යානා භාරදීම රුසියාව සමඟ සෘජු ගැටුමක් ඇතිවීමේ අවදානමක් ඇති කරමින් යුද්ධය උත්සන්න කිරීමක් ලෙස සලකනු ඇතැයි කනස්සල්ල පළ කර ඇත.

    පසුගිය සමයේදී එක්සත් ජනපදය විසින් සිය නවීනතම පේට්‍රියට් ගුවන් ආරක්ෂණ පද්ධති පවා ලබා දීමට පියවරගෙ තිබිණි. එම පද්ධති ලබාදීමේදී බටහිර රජ්‍යන් මෙන්ම බටහිර මාධ්‍ය සඳහන් කර සිටියේ රුසියාවට මෙම ගුවන් ආරක්ෂණ පද්ධිත විශාල අභියෝගයක් වනු ඇති බවයි.
    කෙසේවෙතත් පසුගියකා රුසියාව විසින් ඔවුන් සතු නීනතරම අධි තාක්ෂණි මිසයිල ප්‍රහාර මගින් එම පද්ධති කීපයක්ම විනාශ කිරීමට සමත්විය. මේ සම්බන්ධයෙන් යුක්‍රේනය පවසා සිටියේ තමන්ට එවන් ප්‍රහාරයක් එල්ල නොවූ බවයි.

    එහෙත් ලොව පුරා ප්‍රචාරය වූ විඩියෝ මගින් අනාවරණය වූයේ පේට්‍රියට් ආරක්සණ පද්ධතිය විනාශ වී ඇති බවයි. මේ අතර ඉරාණය විසින් රුසියාවට සැපයූ මාරගෙන මැරෙන ඩ්‍රෝන හෙවත් කමකාසී ඩ්‍රෝන මගින් බටහිර රවටල් ලබාදුන් ගුවන් ආරක්ෂණ පද්ධති විශාල වශයෙන් විනාශ කිරීමට රුසියාව සමත්ව ඇති බවට වාර්තාවේ.

    මෙම තොරතුරු බටහිර මාධ්‍ය වාර්තා කිරීමේ වැලකුණද අන්තර්ජාලය පුරා පළවන වීඩියෝ මගින් අනාවරණය වූයේ කමකාසී ඩ්‍රෝන ගුවනේදී විනාශ කිරීමට ස්ථාපති ගුවන් ආරක්ෂණ පද්ධතිම එම ඩ්‍රෝන යොදාගෙනම විනාශ කිරීමට රුසියාව සමත්ව ඇති බවයි.

    ඇමරිකානු ඩොලර් සියයක පමණ වියදමකින් නිපදවිය හැකි මෙම ඩ්‍රෝන මගින් මිලියන ගණනක් වටිනා ගුවන් ආරක්ෂණ පද්ධති විනාශ කිරීම එක්සත් ජනපද ආරක්ෂක පද්ධති වලට ඵලදායීතාවය පිළිබඳ සැකයක්ද නිරමාණය විී ඇත.

    මේ අතර රුසියාව විසින් යුක්‍රේන යුධ බිමේ ස්ථාපිත රේඩාර් පද්ධති විනාශ කිරීමටද පියවරගෙන ඇති අතර එම ප්‍රහාර ඉතා සාර්ථික මට්මටමින් සිදුවන බවටද ස්වාධීන යුධ විශ්ලේෂකයින් පෙන්වා දෙයි. එහෙත් මීට මාස කීපයකට පෙර බටහරි මාධ්‍ය වාර්තා කර සිටියේ රුසියාන හමුදාවනට උණ්ඩ නොමැති වීමෙන් සවල් යොදාගෙන සටන් කරණ බවයි.

    ඒ අනුව බටහිර මාධ්‍ය විසින් යුක්‍රේන යුධ ගැටුම් සම්බන්ධයෙන් පළකරන වාර්තා වල නිරවද්‍යතාවය සම්බන්ධයේ විශාල ගැටලු නිර්මාණය වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.