තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩු ගහන්න සල්ලි සොයා පොලිස් කාරයොත් දැන් චේන් කඩන්න පටන් අරන්

    කුඩු ගහන්න සල්ලි සොයා පොලිස් කාරයොත් දැන් චේන් කඩන්න පටන් අරන්

    කළුතර එතනමඩලේදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කඩාගෙන පළායමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුව ගම්වැසියන් එක්ව අල්ලා පහරදී ගස්බැද කළුතර උතුර පොලිස් ස්ථානයට භාරදී ඇත.

    බදුරලිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකුව මෙසේ ගම්වැසියන් විසින් අල්ලා ගස්බැද පොලීසියට භාරදී ඇත්තේ පෙරේදා 18 රාත්‍රී කාලයේදීය.

    මෙම නිලධාරියා ඔහුට අයත් පුද්ගලික යතුරු පැදියෙන් ගමන් කරන අතර තුර මෙසේ මාර්ගයේ වෙනත් යතුරුපැදියකින් ගමන්කරමින් සිටි කාන්තාවකගේ රන් මාලය කොල්ලකා තිබේ.

    මෙම නිලධාාරියා මෙම කොල්ලය සිදුකර ඇත්තේ අසනීප නිවාඩු වාර්තාකර පසුගිය 17 වෙනිදා වස්කඩුවේ පිහිටි නිවසට පැමිණ සිටින අතර තුරදීය.

    මත්කුඩු වලට ඇබ්බැහි වී මෙසේ කොල්ලකෑම් සහ සොරකම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 20කට වැඩි පිරිසක් මෑත කාලයේදී පොලීසිය විසින් අත්අංගුවට ගෙන තිබුණි. එසේම මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිස් නිලධාරීන්ද පොලීසිය තුළ මේ වන විට පැටව් ගසා ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img