තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාවික හමුදාව මුහුදේදී ඇල්ලුවේ කොස්ගොඩ සුජීගේ කුඩු - මෙහෙයුම මීගමුව බන්ධනාගාරය ඇතුළෙන්

    නාවික හමුදාව මුහුදේදී ඇල්ලුවේ කොස්ගොඩ සුජීගේ කුඩු – මෙහෙයුම මීගමුව බන්ධනාගාරය ඇතුළෙන්

    රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයේදී අල්ලාගත් මත්කුඩු තොගය මෙරටට එවා ඇත්තේ ඩුබායි හී මේ වන විට රැදී සිටින කොස්ගොඩ සුජී නැමැති දකුණේ ප්‍රබල පාතාල අපරාධකරු විසින් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

    මෙම මත්කුඩු තොගය පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙන විත් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙරට බහුදින යාත්‍රාවකට පටවා ඇති බව ද හෙළිවී ඇත. නනාවික හමුදාව විසින් පසුගිය 13 වෙනිදා මහා මුහුදේදී අල්ලාගෙන 18 වෙනිදා ගොඩබිමට රැගෙන ආවේ එම මත්කුඩු තොගයයි.
    බෝට්ටුකරුවන් යොදා එම මත්කුඩු තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් භාරගෙන ගොඩබිමට රැගෙන ඒමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත්තේ මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ රදවා සිටින මාලන් නැමැති මත්කුඩු ජාවාරම්කරුවිසින් බවට තොරතුරු හෙළිවී තිබේ. මීගමුව ආඩිගම පදිංචිකරුවෙක් බවත් 28 හැවිරිදි වියේ පසුවන්නෙක් වන ඔහු බන්ධනාගාරය තුළ රැදී සිටිමින් ජංගම දුරකථන භාවිතා කරමින් මෙම ඡාවාරම මෙහෙයවා ඇතති බවද හෙළිවී ඇත. කොස්ගොඩ සුජී ඩුුබායි සිට ඔහු සමඟ දුරකථනයෙන් සම්බන්ධකම් පවත්වන බවද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    මහා මුහුදේදී කළ මෙහෙයුමකින් කොටුකරගෙන මත්කුඩු ප්‍රවාහනය කළ බහුදින යාත්‍රාව කොළඹ වරාය වෙත නාවික හමුදාව විසින් රැගෙන එනු ලැබුවේ පසුගිය 18 වෙනිදාය. එම යාත්‍රාවේ හෙරෙයින් කිලෝ 111යි ග්‍රෑම් 606ක් හා හෂිෂ් කිලෝ 11යි ග්‍රෑම් 254ක් තිබී ඇත. මෙම මත්කුඩු තොගය සමග යාත්‍රාවේ සිටි 06 දෙනෙක්ද අත්අඩංගුවට ගත්තේය. එම සැකකරුවන් අවුරුදු 31ත් 56ත් අතර පසුවන්නන් බවත් ඔවුන් මීගමුව, ආඩිගම, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. මෙම බහුදින යාත්‍රාවේ හිමිකරුවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත්තේය. එම පුද්ගලයා මීගමුව කිඹුලාපිටිය පාරේ පදිංචිකරුවෙක් වන 42 හැවිරිදි වියේ අයෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img