Home උණුසුම් පුවත් ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා 3ක් ඉවතට

ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා 3ක් ඉවතට

ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා 3ක් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික බලහත්කාරකම් කළ බව කියන සිද්ධියට අදාළව ඔහුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා හතරෙන් තුනක්ම ඉල්ලා අස්කරගෙන තිබේ.

32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක, පසුගිය වසරේ අගභාගයේදී T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර අත්අඩංගුවට ගැනිණි. ඒ Dating App එකක් ඔස්සේ සම්බන්ධ වූ තරුණියක් සමඟ අවසරයකින් තොරව ලිංගිකව එක්වීම ඇතුළු චෝදනා හතරක් එල්ල වීම නිසයි. අනතුරුව ඔහු ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පසුගිය නොවැම්බර් 2 වැනි දින ඔවුන් හමුවීමට පෙර මෙම යුවළ කිහිප වතාවක්ම කතා කර ඇති බවත්, චෝදනා එල්ල වූ වැරදි සිදු වූ බවත් පොලිසිය චෝදනා කර තිබුණි.

නීතීඥ ඇලන් සහිනොවික් බ්‍රහස්පතින්දා සිඩ්නි උසාවියට ​​පැවසුවේ, ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහි චෝදනා හතරෙන් තුනක් පොලීසිය විසින් ඉවත් කර ඇති බව ය.

මේ අනුව ධනුෂ්ක ගුණතිලකට එරෙහිව දැනට එක් චෝදනාවක් පමණක් ඉතිරිව තිබේ.

ඔහු මීට පෙර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාර දුන් අතර ඩව්නිං සෙන්ටර් උසාවිය විසින් ඩොලර් 200,000 ක ඇපයක් මත මුදා හැරීමෙන් පසු ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කරන ලදී.

ජුලි 13 වැනි දින නැවත එම අධිකරණය හමුවේ ධනුෂ්ක ගුණතිලක පෙනී සිටීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here