තවත්
    මුල් පිටුවspecialයුක්‍රේන අගවිනිසුරු අත්අඩංගුවට

    යුක්‍රේන අගවිනිසුරු අත්අඩංගුවට

    යුක්‍රේනයේ ශ්‍රේෂ්ඨාධිකරනයේ අගවිනිසුරුව අල්ලස් ගැනීමේ සිදුවිමකට සැකපිට එරට බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස යුක්‍රේන අධිකරණ පද්ධතියේ ඉහළම පුටුව දරන්නා අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ පද්ධතිය තුල සිදුවන මහා පරිමාන දූෂණ හා වංචා සම්බන්ධයෙන් කළ විමර්ෂණයකින් අනතුරුව බව එරට බලධාරීන් සඳහන් කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරනු ලබන රජයේ නීතීඥයින් විසින් අත් අඩංගුවට ගත්තේ කවරෙකු දැයි නිසි ලෙස නම් කර නොතිබුනද යුක්‍රේන මාධ්‍ය සඳහන් කර සිටියේ අත් අඩංගුවට පත්ව ඇත්තේ අගවිනිසුරුවරයා බවයි.
    ඒ අනුව අගවිනිසුරු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3ක් අල්ලසක් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති බවත් ඊට අදාලව මෙම අත් අඩංගුවට ගෙන ඇති බවට යුක්‍රේන මාධ්‍ය වාර්තා කළේය.

    වාර්තා වන අන්දමට යුක්‍රේන ඉතිහාසයේ අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් ඉහළම රාජ්‍ය නිලධාරියා වන්නේද මෙම අගවිනිසුරුවරයාය.

    යුක්‍රේනයේ දූෂණ විරෝධී කාර්යාංශය එහි ටෙලිග්‍රාම් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ ප්‍රකාශ කළේ විශේෂිත දූෂණ විරෝධී නඩු පවරන්නන්ගේ කාර්යාලය සමඟ ඒකාබද්ධ පරීක්ෂණයක් මගින් “ශ්‍රේෂ්ඨාධිකරණයේ මහා පරිමාණ දූෂණ හෙළිදරව් කර ඇති බවයි.

    ලොව දූෂිතම රටවල් අතරින් ඉහළම ස්ථානයක් යුක්‍රේනයට හිමිවන අතර ඇතැම් පාර්ශවයින් විසින් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් ලබාදෙන ආයුධ පවා වංචනිකව වෙත් පාර්ශයන්ට විකිණීම් කරන බවටත් ලබා දුන් මුදල් අධාර යෙදවූ ආකාරය සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

    මේ හේතුවන් ඇතැම් ඇමරිකානුවෝ යුක්‍රේනටය යුධ ආධාර දීම විශාල මූල්‍ය වංචාවක් බවටද පසුගිය කාලයේදී චෝදනා කළහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img