තවත්
    මුල් පිටුවspecialඔස්ට්‍රියානු දුම්රියක් තුළ හිට්ලර්ගේ කතාවක් විකාශය වෙයි

    ඔස්ට්‍රියානු දුම්රියක් තුළ හිට්ලර්ගේ කතාවක් විකාශය වෙයි

    ඔස්ට්‍රියාවේ නගරාන්තර දුම්රියක් තුල ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ කතාවක ඊයේ (14) විකාශය වීමත් සමඟ මගීන් දැඩි තිගැස්සීමකට ලක්ව ඇති බවට වාර්තා වේ.

    අදාල දුම්රිය තුල නිවේදන සහ දැණුම් දීම් කිරීම සඳහා ස්ථාපිත කර ඇති ශබ්ද විකාශණ පද්ධිතය ඔස්සේ මෙම කතාව විකාශය වී ඇති අතර එහිදී හිට්ලර්ට ජය වේවා යනුවෙන්ද ඉහළ හඬින් කෑගැසීමක්ද ඇසී ඇති බවට මගීන් සඳහන් කරයි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාල විකාශණ පද්ධිතයේ ක්‍රියාකරු පවසා ඇත්තේ පසුගිය දිනවලද මෙවැනිම සිදුවීමක් කීපයක් පිළිබඳා වාර්තා වූ බවයි.

    Bregenz-Vianna සේවයේ එක් මගියෙක් BBC වෙත පවසා ඇත්තේ දුම්රියේ සිටි සියලුදෙනාම පාහේ ජර්මනියේ හිටපු ආඥාදායකයාගේ කතාව විකාශය වීමෙන් දැඩි ලෙස කම්පනයට පත් වූ බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රියාවේ හරිත පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඩේවිඩ් ස්ටෝග්මුලර් පැවසුවේ අදාල දුම්රිය වියානා වෙත පැමිණීමට ටික වේලාවකට පෙර නාසි ජර්මානු නායකයාගේ කතාව ඉන්ටර්කොම් හරහා වාදනය වූ බවයි.

    “අපි කථාංග දෙකක් ඇහුනා පළමුව තත්පර 30ක් හිට්ලර්ගේ කථාවක් තිබුනා, පසුව මට නාසි හුමුදාව භාවිතා කළ ඉහළ හඬින් ප්‍රකාශ කරන ″ජයවේවා″ යනු ප්‍රකාශය ඇසුණා.” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

    මේ අතර ඩේවිඩ් ස්ටෝග්මුලර් පැවසුවේ දුම්රිය කාර්ය මණ්ඩලයට අදාල විකාශය නැවැත්වීමට නොහැකි වූ බවත් ඔවුන්ගේ නිවේදන විකාශය කිරීමට නොහැකි වූ බවයි. “එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ඇත්තට ගොඩක් කලබල වුනා,” යනුවෙන්ද ඔහු තවදුරටත් බීබීසි වෙත පැවසීය.

    බීබීසී වෙත යවන ලද ප්‍රකාශයක් නිකුත් කරමින් ඔස්ට්‍රියානු දුම්රිය සේවය මෙසේ පැවසීය. “අපට දැනට සිතිය හැක්කේ ඉන්ටර්කොම් පද්ධතිය හරහා දුම්රියේ සිටින පුද්ගලයින් විසින් නිවේදන නිකුත් කර ඇති බවයි. අපි මේ කාරණය සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කර තිබෙනවා.”

    නාසි වදකාගාරවලින් දිවි ගලාවත් ගත් කාන්තාවක්ද අදාල අවස්ථාවේදී දුම්රියේ ගමන් කර ඇති බවත් ඇය එම අවස්ථාවේදී දැඩි ලෙස වික්ෂිප්ත වී හඬා වැටී ඇති බවද තමන්ට දුම්රියේ ගමන් ගත් තවත් මගියෙකු තමන්ට සඳහන් බවද මන්ත්‍රීවරයා බීබීසි වෙත සඳහන් කර තිබිණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img