Home දේශීය පුවත් සමෘද්ධි බැංකුවේ ලක්ෂ 45ක් පිල්ලි ගැසූ 05ක් ක ොටු

සමෘද්ධි බැංකුවේ ලක්ෂ 45ක් පිල්ලි ගැසූ 05ක් ක ොටු

නවගත්තේගම වෙලේ වැව සමෘද්ධි බැංකුවේ සිදුව ඇති රුපියල් ලක්ෂ 45කට අධික වංචාවක් සම්බන්ධයෙන් එහි කළමනාකාරිනිය ඇතුළු පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

එම සමෘද්ධි බැංකුවේ මුදල් අයකැමිවරියන් දෙදෙනෙක්, සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් සහ වැඩ තහනමට ලක්ව සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් මෙසේ අත්අඩංගුවටගත් සෙසු සැකකරුවන් අතර සිටිති.

මෙම සමෘද්ධි බැංකුවේ සිදුව ඇති මුදල් වංචාවේ ප්‍රමාණය 4,536,506ක් බව විමර්ශනයේදී හෙළිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here