Home දේශීය පුවත් දියලුම ඇල්ල අසල කඳවුරු බැද සිටි යුවලකට වන අලි ප්‍රහාරයක් – තරුණිය මරුට – තරුණයාට බරපතලය ි

දියලුම ඇල්ල අසල කඳවුරු බැද සිටි යුවලකට වන අලි ප්‍රහාරයක් – තරුණිය මරුට – තරුණයාට බරපතලය ි

දියලුම ඇල්ල අසල කඳවුරු බැදගෙන සිටි තරුණ යුවලකට වන අලි ප්‍රහාරයත් අද අලුයම එල්ලවී ඇත.

මෙම තරුණ යුවල ඊයේ මෙහි පැමිණ තාවකාලික කඳවුරක් ඉදිකර රැය පහන්කර ඇත්තේ එහිය.

වන අලි ප්‍රහාරයට ඔවුන් දෙදෙනා ලක්ව ඇත්තේ තාවකාලික කඳවුරේ රැදී සිටියදීය.

තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොස්ලන්ද පොලීසිය සඳහන් කළේය.

මාතර කැකනදුර පදිංචිකාරියක් වූ ජී.තරුෂි නැමැති 23 හැවිරිදි තරුණිය මෙසේ මියගොස් ඇත. ඇය කුරුණෑගල හෙද පුහුණු පාඨමාලාවක් හදාරමින් සිට ඇත.

වන අලි ප්‍රහාරයෙන් බරපතල තත්ත්වයේ සිටින තරුණයා වාරියපොල පදිංචි කේ.ඒ. ධනුෂ්ක නැමැති 22 හැවිරිදි තරුණයෙකි. ඔහු වෙළඳ සහයකයෙක් ලෙස රැකියාවේ නිරතව සිටින අයෙකි.

පොලීසිය පවසනුයේ මෙම යුවල පෙම්වතුන් බවත් විවහා වීමේ අපේක්ෂාවෙන් සිට ඇති බවත්ය.

පොලීසිය පවසනුයේ දියලුම ඇල්ල ආසන්නයේ උඩ දියලුමේ සංචාරකයන් කඳවුරු බැද රැය පහන් කිරීම සාමාන්‍ය දෙයක් බවය. මෙයට පෙර මෙවැනි සිදුවීමක් එම ප්‍රදේශයෙන් වාර්තා වී නැති බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here