Home දේශීය පුවත් අරගලයේ ක්‍රියාකාරිකයෙකුට පහරදුන් කඩුවෙල හිටපු උපනගරාධිපති අත්අඩංගුවට

අරගලයේ ක්‍රියාකාරිකයෙකුට පහරදුන් කඩුවෙල හිටපු උපනගරාධිපති අත්අඩංගුවට

0

අරගලයේ ක්‍රියාකාරිකයෙක් මෙන්ම සමාජ ක්‍රියාකාරීකයෙක් වන ප්‍රියත් නිකේශලට කළ පහරදීක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දන අබේරත්තව පොලීසිය ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද සවස කළ මෙම පහරදීමෙන් පසු නියෝජ්‍ය නගරාධිපතිවරයා මුල්ලේරියාව රෝහලට ඇතුලත්ව සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

උප නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් විසින් කළ පහරදීමෙන් තුවාල ලැබූ නිකේශල කොළඹ ජාතික රෝහලට ඊයේ සවස ඇතුලත්කරනු ලැබීය. ඔහුට පහරදී ඇත්තේ කඩුවකින් බවත් 10 දෙනෙකුගෙන් සමන්විත මැර කණ්ඩායමක් මෙම පහරදීමට සම්බන්ධව ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

කඩුවත් අතැතිව නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් නිකේශලට පහරදෙන්නේ ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථයේ මග හරස්කර නවතාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here