තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන් පෙන්වා ලක්ෂ 39කට ගැසූ ගේම

    රන් පෙන්වා ලක්ෂ 39කට ගැසූ ගේම

    කුවෙට් රටේ සිටි රන් පවුම් 24ක් ගෙන්වා දෙන බව පවසා මීගමුවේ ව්‍යාපාරිකයෙකු රවටා රුපියල් ලක්ෂ 39කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පවුලේ සාමාජිකයෙකුගේ විවහා මංගල්‍යකට මෙම රන් භාණ්ඩ ගෙන්වා ගැනීමට මුදල් ලබාදුන් බව ව්‍යාපාරිකයා පොලීසියට පවසා තිබේ.

    අත්අඩංගුවටගත් සැකකරු ගල්ගමුව, කරබෑවේ පදිංචිකරුවෙකි. මොහොමඩ් හිල්මි (37) නැමැති මෙම සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img