Home උණුසුම් පුවත් සිවිල් ආරක්ෂකයාට වලස් ප්‍රහාරයක්

සිවිල් ආරක්ෂකයාට වලස් ප්‍රහාරයක්

සිවිල් ආරක්ෂකයාට වලස් ප්‍රහාරයක්

කෝටි කැපීමට තන්තිරිමලේ කටුපොත පිහිටි කැලෑබද ප්‍රදේශයකට ගිය සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකුට වලහෙක් කළ පහරදීමකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඊයේ ඇතුලත්කර ඇත.

ජී. චන්ද්‍රපාල නැමැති මෙම සිවිල් ආරක්ෂක බලකා සෙබලා තන්තිරිමලය රුවන්පුර පදිංචිකරුවෙකි. ඔහු 45 වියැති අයෙකි.

කෝටු කපමින් සිටියදී සිවිල් ආරක්ෂක සෙබලා අසලට පැමිණි වලහා විසින් කළ පහරදීමෙන් ඔහුගේ මුහුණට හා ශරීරයේ ඉදිරිපස කොටසට සීරීම් තුවාල සිදුව ඇති බව තන්තිරිමලය පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here