Home උණුසුම් පුවත් දිනකට 120-150 මියයන හදවත් ලෙඩේට සැත්කම් කරන්න ඉතිරිවන්නේ වෛද්‍යවරු 9යි

දිනකට 120-150 මියයන හදවත් ලෙඩේට සැත්කම් කරන්න ඉතිරිවන්නේ වෛද්‍යවරු 9යි

දිනකට 120-150 මියයන හදවත් ලෙඩේට සැත්කම් කරන්න  ඉතිරිවන්නේ වෛද්‍යවරු 9යි

හදවත් රෝග නිසා ශ්‍රි ලංකාව තුළ දිනකට පුද්ගල මරණ 120-150 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිදුවණ බවත් එසේ වුව ද හදවත් සැත්කම් වෙනුවෙන් මේ වසර අවසන් වනවිට ලංකාවටම ඉතිරිවන්නේ වෛද්‍යවරුන් නවයක් වැනි සුළු වෛද්‍යවරුන් පිරිසක් බවත් හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා පවසයි.

ගාල්ල සමූපකාර රෝහලේ සිදුකළ නාමිල හදවත් සැත්කමක් සම්බන්ධයෙන් මාධ්‍යෙව්දි නිමල් අල්ගෙවත්ත ලියන ලද විශේෂාංගයකට අදහස් දක්වමින් වෛද්‍ය නාමල් ගමගේ මතා පසුගිය දා මේ බව අනාවරණය කර තිබේ.

හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා මෙස් ද කීවේය.

මම දැනට හදවත් සැත්කම් 20,000ක් පමණ සිදුකර තියනවා.විවෘත හදවත් සැත්කම් 16 000ක් පමණ සිදුකර තියනවා.මේ පොඩි සාදුගේ අම්මාගේ හදවත් සැත්කමද අපි ගාල්ල සමුපාකාර රෝහලේ දී සාර්ථකව සිදු කරා.ඇය නිරෝව ජීවත් වෙනවා.අපිට ඒ සම්බන්ධයෙන් සතුටුයි.

ලංකාවේද ලෝකයෙ ද හදවත් සැත්කම් සිදුකරන විට හෝ ඉන් පසුව හෝ සියයට 2 ක් පමණ ප්‍රමාණයක් මිය යනවා.එය ලෝක ප්‍රවනතාවයි.කොරොනා කාලයේ හදවත් සැත්කම් වලින් මිය ගිය පිරිස ලංකාවේ සියයට 6 දක්වා තරම් වැඩි උනා.

මේ වන විට, ලංකාවේ දිනයකට සිදුවන මරන අතරින්,මරන 120 හෝ 150 ඊට වැඩි අතර ප්‍රමාණයක් හදවත් රෝග නිසා මිය යනවා.ස්භාවික මරණ වලට මේය තමයි ප්‍රධාන ‍හේතුවයි.මෙය අදවන විට වැඩිවිය හැකියි.ඔසු අවුල,වෛද්‍ය උපකරණ හිඟය හා වෙනත් කරුණු නිසා මෙය අද වන විට මෙයට වඩා වැඩි විය හැකියි.

මම විවෘත හදවත් සැත්කම් 16,000ක් රටපුරා රෝහල්වල කර තියනවා.කොළබින් පිටත හද සැත්කම් කරන්නට අප පියවර ගත්තා.කොළඹින් පිටතට හදවත් සැත්කම් ගෙන යනවාට විවිධ අංශවලින් මට බාධාවන් ආවා.සමහර වෛද්‍යවරන්,සමහර විට වෙනත් විවිධ පාර්ශව වලින්, ආදි නොයෙක් ප්‍රශ්ණ ආවා.

කොළඹට සීමා වු හදවත් සැත්කම් අපි ඉතාම අසිරු වෙන් ගාල්ල කරාපිටිය රෝහලේ සිදුකරා.විවිධ බාධක ආවා.මත ආවා.ඒ සියල්ලම ඉවසාගෙන මම සැත්කම් සිදු කරා.මම කිසිත් ගණන් ගත්තේ නෑ.නමුත් සාර්ථක සැත්කම් සිදු කර තියනවා.හද සැත්කම් සම්බන්ධයෙන් අදටත් මා ඉගෙන ගන්නවා අවබෝධයක් ගන්නවා.කොළඹින් පිටත හද සැත්කම මේවන විට සාර්ථකව සිදු කරන්න හැකි වී තියනවා.

වෛද්‍යවරුන්ගේ,විශ්‍රාම යන වයස පිළිබඳව ප්‍රශ්නයක් තියනවා.සමහර වෛද්‍යවරු රට හැර යනවා.ලංකාවට මේ පරිසරය තුළ හදවත් සැත්කම් සිදු කරන්ට වෛද්‍යවරු 27 ක් රටට අවශ්‍යයි.නමුත්,දැනට ලංකාවේ හදවත් සැත්කම් සිදුකරන වෛද්‍යවරු,සිටින්නේ 18 යි.මින් නවයක් (09) විශ්‍රාම යනවා ලඟදීම.ඒ කියන්නේ මේ වසරරේ.ඒ අනුව මේ වසර අවසාන වන විට ලංකාවේ ඉතිරි වන්නේ හද සැත්කම් වෛද්‍යවරු නවයක්(09) වගේ සුළු වෛද්‍යවරු පිරිසක් තමයි.

මේක තමයි මේවන විට ලංකාවේ හදවත් සැත්කම් වෛද්‍යවරුනගේ තත්ත්වය.හදවත් සැත්කමට,පැය තුනන හයක වගේ කාලයක් ගත වෙනවා.සැත්කම අනුව තමයි එය තිරණය වන්නේ,සහායක වෛද්‍යවරු නිර්වින්දක වෛද්‍යවරු හා සෙසු මහ පිරිසක් මේයට උවමනායි.හදවත් සැත්කමකට සාමාන්‍යෙයන් 25ක් පමණ පිරිසක් උවමනායි.මමත් ඉතිං ලබන වසරේ විශ්‍රාම යනවා යැයි ද වෛද්‍ය නාමල් ගමගේ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here