Home special ජපානයේ ප්‍රබල භූ කම්පාවක් – පසු කම්පන 50ට වැඩියි

ජපානයේ ප්‍රබල භූ කම්පාවක් – පසු කම්පන 50ට වැඩියි

ජපානයේ ප්‍රබල භූ කම්පාවක් – පසු කම්පන 50ට වැඩියි

මධ්‍යම ජපානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට වාර්තා පවසයි.

රිච්ටර් මාපකයේ 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ජපානයේ ප්‍රධාන දූපතක් වන හොන්ෂු හි බටහිර වෙරළ තීරයේ ඉෂිකාවා ප්‍රාන්තයට බලපෑ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූමිකම්පාවෙන් පසු දැනිය හැකි තරම් ප්‍රබල පසු කම්පන 50 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත. රික්ටර් මාපකයේ -5.8 ක කම්පනයක් ද ඒ අතර වේ.

බොහෝ තුවාල හා හානි වාර්තා වී ඇත්තේ සුෂූ නගරයේ වන අතර නිවැසියන් 100 ක් පමණ රැකවරණය ලබා ඇත.

නැගෙනහිර ජපානයේ දුම්රිය සේවය පැවසුවේ ඉෂිකාවා ප්‍රාන්තයේ ටෝකියෝ සහ කනසාවා සම්බන්ධ කරන බුලට් දුම්රිය ආරක්‍ෂිත පරීක්‍ෂණ සඳහා තාවකාලිකව නවතා ඇති නමුත් සාමාන්‍ය මෙහෙයුම් ආරම්භ කළ ද යම් ප්‍රමාදයන් වන බවය.

න්‍යෂ්ටික නියාමන අධිකාරියට අනුව ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරවල කිසිදු අසාමාන්‍යතාවයක් නොතිබුණි.

ජපානය යනු ලොව වැඩිම භූමිකම්පා ඇති වන රටවලින් එකකි. 2011 දී රටේ ඊසානදිග ප්‍රදේශයේ ඇති වූ දැවැන්ත භූමිකම්පාවක් නිසා විනාශකාරී සුනාමියක් සහ න්‍යෂ්ටික බලාගාරය දියවී ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here