Home උණුසුම් පුවත් ගුවන් ශක්තිය නංවන්න ඉන්දියාවෙන් අතහිත

ගුවන් ශක්තිය නංවන්න ඉන්දියාවෙන් අතහිත

ගුවන් ශක්තිය නංවන්න ඉන්දියාවෙන් අතහිත

මෙරට සංචාරයක නිරත ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවෙික් රාමි චෞද්රි කටුනායක ගුවන් කඳවුරේදී ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි ඇන්ටොනෝවි 32 ප්‍රවාහන ගුවන් යානා සදහා අවශ්‍යය උපකරණ කිහිපයක් ප්‍රදානය කර ඇත.

ඇන්ටොනෝවි 32 වර්ගයේ ගුවන් යාන සදහා අවශ්‍යය Propeller (අවරපෙති) යුගල ද්විත්වයක් ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් විවෙික් රාමි චෞද්රි විඩින් මෙලෙස ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණට නිල වශයෙන් භාර දී තිබේ.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවිමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර පැවති වාර්ෂික 7 වන ආරක්ෂක සංවාදයේදි ඉන්දිය රජයෙන් කළ ඉල්ලීමට අනුව මේ ප්‍රදානය ඉටුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here