තවත්
    මුල් පිටුවspecialහිටපු අගමැතිට ණය ගන්න උදව් කළ බීබීසී සභාපති ගෙදර යයි

    හිටපු අගමැතිට ණය ගන්න උදව් කළ බීබීසී සභාපති ගෙදර යයි

    බීබීසී හී සභාපතිවරයා වශයෙන් කටයුතු කළ රිචඩ් ෂාප් අද පස් වරුවේදී එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

    මෙලෙස ෂාප් ඉල්ලා අස්වී ඇත්තේ ඔහු විසින් බ්‍රිතාන්‍ය හිටපු අග්‍රමාත්‍ය බෝරිස් ජොන්සන් හට පවුම් මිලියනක ණයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දුන් බවට අනාවරණය වීමත් සමඟ බීබීසී හී නීති උල්ලංඝණය කර ඇති බවට අනාවරණය වීමත් සමඟයි.

    ගෝල්ඩ්මන් සැක්ස් බැංකුවේ බැංකුකරුවෙකු ලෙස කටයුතු කළ ෂාප් පාලක කොන්සර්වේටිව් පක්ෂයේ පරිත්‍යාගශීලියෙකු ලෙස කලක පටන් කටයුතු කර ඇති අතර පසුව ඔහුව 2021 දී බීබීසී මාධ්‍ය ජාලයේ සභාපති ලෙස පත් කරන ලදී.

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මීට පෙර සඳහන් කර සිටියේ හිටපු අග්‍රමාත්‍යවරයාගේ ණය මුදල ලබාදීමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට කිරීමට අපොහොසත් ගැටලු සහගත බවට ඉකුත් පෙබරවාරි මාසයේ සිටම ප්‍රකාශ කර තිබිණි.

    බීබීසී ජාලයේ සභාපතිවරයා බ්‍රිතාන්‍ය රජය විසින් පත් කිරීමට සිදුකළද එහ සියලුම විකාශන කටයුතු ස්වාධීනව කරගෙන යාමට අවස්ථාව හිමිවේ. බීබීසී ජාලය බ්‍රිතාන්‍ය සංස්කෘතියට ඉතා සමීප මාධ්‍ය ජාලයකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img