තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF ගිවිසුම ගැන මැතිසබේ විවාදය ඇරඹෙයි

    IMF ගිවිසුම ගැන මැතිසබේ විවාදය ඇරඹෙයි

    ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය අද ආරම්භ වේ.

    එය අද හෙට සහ අනිද්දා යන ‍තෙදින විවාදයට ගැනීමට නියමිතය.

    රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇ. ඩො. බිලියන 3ක පමණ මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ සැකසුම 2023 මාර්තු 22 දින සභාගත කරන ලදී.

    එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම අනුමැතිය, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලබාදිය යුතු යැයි මෙම යෝජනාවෙන් ඉදිරිපත් කෙරේ.

    තෙදින විවාදයෙන් අනතුරුව අවශ්‍යනම් ඡන්ද විමසීමක් ද පැවැත්වීම සිදුවේ.

    අද (26) දිනයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් 2023.04.17 දිනැති, අංක 2328/02 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියමය විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට මෙහිදී එකඟත්වය පළ වී ඇත.

    අනතුරුව ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය විවාදයට ගැනීම සිදුවේ.

    ඉන්පසු රජයේ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව ඉදිරිපත්කර තිබූ යෝජනා 13 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.

    තවද පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් වන කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) සහ ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කිරීමටද මෙහිදී එකගත්වය පළවී තිබේ.

    අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

    අප්‍රේල් 27 සහ 28 දෙදින පෙ.ව 10.30 – ‍ප.ව 5.00 දක්වා පිළිවෙලින් දෙවැනි හා තෙවැනි දිනටත් ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතය.

    අප්‍රේල් 27 වැනිදා ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා, විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

    අප්‍රෙල් 28 වැනිදා පැවැත්වෙන විවාදයෙන් අනතුරුව දේශිය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයකින් තොරව අනුමත කරගැනීමට මෙහිදී එකඟත්වය පළව තිබේ. ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img