Home special අසූ හැවිරිදි බයිඩන් දෙවන ධුර කාලයටත් සටනට

අසූ හැවිරිදි බයිඩන් දෙවන ධුර කාලයටත් සටනට

අසූ හැවිරිදි බයිඩන් දෙවන ධුර කාලයටත් සටනට

මේ වන විට 80 හැවරිදි වියේ පසුවන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දෙවන ධුර කාලය සඳහා එළැඹෙන වසරේදී තරඟ වැදීමට නියමිත බවටද නිවේදනය කළේය.

ජනාධිපති බයිඩන් විසින් තමන් තවත් වසර 4ක කාලයකට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරමින් ජනාධිපරණයට ඉදිරිපත් වන බවට විශේෂ විඩියෝවක් නිකුත් කරමින් අනාවරණය කළේය.

ඒ අනුව මේවන විට එක්සත් ජනපද ඉතිහාසයේ වසස්ගතම ජනාධිපතිවරයා වන බඩයින් හට සිය දෙවන ධුර කාලය සඳහා තරඟ වැදීමේද සිය වයස විශාල අභියෝගයක් වනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

බයිඩන් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ විඩියෝවෙන් ඔහු පෙන්වා දෙනු ලැබුවේ අද වන විට ඒක්සත් ජනපදයේ නිදහස සහ අයිතිවාසිකම් තර්ජනයට ලක්ව ඇති තීරණාත්මක අවස්ථාවක් බවයි. ඒ් අනුව එලැඹ ඇත්තේ උදාසීන විය යුතු කාලයක් නොවන බවත් ඒ් අනුව තමන් දෙවන ධුර කාලයට තරඟ කරන බවත්ය.

මෙහිදී එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් සිය වයස සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය, එහිදී ඔහු සඳහන් කර සිටියේ, “මගේ වයස ගැන මිනිසුන් ප්‍රශ්න මතු කිරීම නීත්‍ය වශයෙන්ම සිදුවෙයි. ඒ්ත් ඒ ගැන මට කියන්න පුළුවන් ඒකම දේ වෙන්නේ, මම වැඩ කරන විදිහ බලාගෙන සිටින ලෙසට ඉල්ලීම පමණයි.″ යනුවෙනි.

ජනාධිපති බයිඩන්ගේ ප්‍රතිවාදියා වශයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බොහෝවිට තරඟ කරනු ඇති අතර එහිදී ඔහුට එල්ල වී ඇති චෝදනා යම් ආකාරයට බලපෑමට ඉඩපවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here