Home උණුසුම් පුවත් විශේෂ දේශපාලන සාකච්ඡා කිහිපයක් අද

විශේෂ දේශපාලන සාකච්ඡා කිහිපයක් අද

විශේෂ දේශපාලන සාකච්ඡා කිහිපයක් අද

ආණ්ඩු පක්ෂය, සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙන වෙනම විශේෂ සාකච්ඡා පැවැත්වීමට සූදානම් වෙයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (24) අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිත ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද සාකච්ඡාවක් අද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගොස් ආණ්ඩුවේ තනතුරු ලබාගත් පාර්ශව යළි නිදහස් පක්ෂයට එක් කර ගැනීම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here