Home උණුසුම් පුවත් පාස්කු ඉරිදා වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට සිව්වසරක්

පාස්කු ඉරිදා වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට සිව්වසරක්

පාස්කු ඉරිදා වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට සිව්වසරක්

උතුම් පාස්කු ඉරිදාව යෙදී තිබූ දිනෙක මරාගෙන මැරෙන බෝම්බකරුවන් 8 දෙනෙකු විසින් මෙරට ස්ථාන කිහිපයක පල්ලි, හෝටල් ඉලක්ක කර ජීවිත 269ක් බිලිගෙන 500කට අධික පිරිසකට තුවාල සිදුකළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී ගෙවෙන සිව්වන වර්ෂ පූර්ණය අදයි.

එම ප්‍රහාරයෙන් තවමත් යුක්තිය ඉටුනොවූ ජනතාව වෙනුවෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර තිබේ.

එමෙන්ම පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද උදෑසන 8 සිට කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කිරිමට සැලසුම් කර ඇත.

කතෝලික සභාව සදහන් කළේ අදාළ ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙම ජනපවුර නිර්මාණය කරන බවය.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ඊයේ රාත්‍රී පාගමනක් ආරම්භ කර තිබුණි.

ඊට සමගාමීව විශේෂ රාත්‍රී දේව මෙහෙයක්ද පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here