Home උණුසුම් පුවත් පොහොට්ටුවේ මහා සභාවට ජී.එල්. හරස්වෙයි

පොහොට්ටුවේ මහා සභාවට ජී.එල්. හරස්වෙයි

පොහොට්ටුවේ මහා සභාවට ජී.එල්. හරස්වෙයි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ලබන සෙනසුරාදා (22) පෙරවරු 10ට නෙළුම් මාවත මූලස්ථානයේ කැඳවා ඇති පක්ෂ මහා සභා රැස්වීමේ නිත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු විමට මහාචාර්ය ජි.එල් පිිරිස් මහතා කටයුතු කර ඇත.

ඒ අනුව මහා සභාවේ නිතයානුකූලභාවය අභියෝගයට ලක්කරමින් එහි ගන්නා සියලු තිරණ වලංගුභාවයෙන් තොර හා ශුන්‍ය සහ ක්‍රියා විරහිත ය යන පදනමේ සිටිමින් සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පිිරිස් මහතා සිය නිතිඥ සමාගම ඔස්සේ දන්වා තිබේ.

පක්ෂයේ මහා සභා රැස්විම කැඳවා ඇති බවට මහාචාර්ය ජි.එල් පිරිස් මහතාට ද ලිපියකින් දැනුම් දි ඇති අතර, අදාළ මහා සභා න්‍යාය පත්‍රය අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔහුට ද කතාවක් ඇතැයි සඳහන්ව ඇත්තේ කිසිඳු දැනුම් දිමකින් තොරව බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය ජි.එල් පිරිස් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පිරිස් මහතාට යොමු කළ ලිපිය පහතින් දැක්වෙයි.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/DOC-20230414-WA0053.pdf”] [pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/CamScanner-04-18-2023-11.46.pdf” title=”CamScanner 04-18-2023 11.46″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here