මේ දිනවල රට තුළ කතාබහට ලක්වී ඇති මෙරට රිලවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඔවුන් පවසන්නේ මෙරට ‘වඳවීමේ තර්ජනයට ලක්ව ඇති’ බව කියන රිලවුන් ලක්ෂයක් ‘පර්යේෂණාත්මක අරමුණක්’ සඳහා චීන පෞද්ගලික සමාගමකට අපනයනය කිරීම පිළිබඳ දේශීය හා විදේශීය මාධ්‍යවල මෑත කාලීනව පළවන වැරදි තොරතුරු පිළිබඳ චීන තානාපති කාර්යාලයේ අවධානයට ලක්ව ඇති බවයි.
එමෙන්ම ඒ පිළිබඳ මෙරට කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහ කැබිනට් ප්‍රකාශකවරයාගේ සවිස්තරාත්මක පැහැදිලි කිරීම් ද සිය අවධානයට ලක්ව ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලය බීජිං හි අදාළ බලධාරීන් සමඟ ද මේ පිළිබඳ පරීක්ෂා කර තිබේ.
චීනයේ වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්ෂණය සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන්නේ එරට ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලන ආයතනය විසිනි.
එම නිලධාරීන් පවසා ඇත්තේ අදාළ ඉල්ලීම පිළිබඳව තමන් නොදන්නා බවත් පැහැදිලිවම කිසිදු පාර්ශ්වයකින් එවැනි ඉල්ලීමක් ලැබී නොමැති බව යැයි චීන තානාපති කාර්යාලය කියයි.
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ කොන්ත්‍රාත් පාර්ශ්වයක් ලෙස චීනය, 1988 වනජීවී ආරක්ෂණ නීතිය සංශෝධන කිහිපයක් සහිතව දැනටමත් සම්මත කර ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.
සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා චීන රජය විශාල වැදගත්කමක් ලබා දෙන බව චීන තානාපති කාර්යාලය කියයි.
එමෙන්ම ජාත්‍යන්තර වගකීම් සක්‍රීයව ඉටු කරන අතරම, එමඟින් වනජීවී ආරක්ෂණ නීති සම්පාදනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය ලෝකයේ ඉහළම රටක් බවට පත් කර ඇති බව ද චීන තානාපති කාර්යාලය අවධාරණය කර සිටී.
පහත සබැඳි සිය නිවේදනය සමඟ එක්කිරීමට ද චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබුණි.