තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංගීත සංදර්ශන -දේශපාලන රැස්වීම්වලට ගාලු මුවදොර තහනම්

    සංගීත සංදර්ශන -දේශපාලන රැස්වීම්වලට ගාලු මුවදොර තහනම්

    ආගමික කටයුතු සඳහා හැර ගාලු මුවදොර පිටියේ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිත කිරීම පිණිස අවසර නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

    ලබන 20 දින සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක ය.

    මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ යටතේ එහි සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි ඉහත ක්‍රියා සඳහා තවදුරටත් අවසර නොලැබේ.

    සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන තිබේ.

    මේ වන විට සිදු කරනු ලැබ ඇති සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ වැය කර ඇත.

    පසුගිය අරගල කාලසීමාව තුළදී සිදු වී ඇති දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කර තිබේ.

    මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම භූමිය පවත්වාගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක්රැස් වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භූමිය නිතර හානි වන අතර පරිශ්‍රයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වාගෙන යාමට අපහසු වී ඇතැයි රජය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img