Home දේශීය පුවත් උණුසුම් පුවත් චීන රොකට්ටුව ලංකාව අසලින් ඉන්දීය සාගරයට කඩා වැටෙයි

චීන රොකට්ටුව ලංකාව අසලින් ඉන්දීය සාගරයට කඩා වැටෙයි

චීන රොකට්ටුව ලංකාව අසලින් ඉන්දීය සාගරයට කඩා වැටෙයි

අභ්‍යාවකාශ ගත කර යළි පාලනයකින් තොරව පෘථිවියට ඇදී ආ චීන රොකට් කොටස වායුගෝලයට ඇතුළුවීමෙන් බොහෝ ප්‍රමාණයක් පිළිස්සී ගොස් සුන්බුන් ඉන්දියානු සාගරයට පතිත වී පුරා විසිරී ගොස් ඇති බව චීනය පවසයි.

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වන මුහුදු මෙම රොකට් කොටස සුන්බුන් ලෙස අද පෙරවරුවේ කඩා වැටී තිබේ.

එය වායුගෝලයට නැවත ඇතුල්වීමේදී රොකට්ටුවෙන් වැඩි ප්‍රමාණයක් විනාශ වූ නමුත් කොටස් 72.47 ° නැගෙනහිරට සහ 2.65 ° උතුරට වැටී ඇතැයි චීන රජයේ මාධ්‍ය වාර්තා කරයි.

එම කඩාවැටුණු කොටස් සහිත ප්‍රදේශය මාලදිවයිනට බටහිර දෙසින් පිහිටා ඇත.

එක්සත් ජනපද හා යුරෝපීය tracking sites විසින් ලෝන්ග් මාර්ච්- 5 බී කොටසක් පාලනයකින් තොරව වැටීම නිරීක්ෂණය කර තිබුණි.

ටොන් 22ක් පමණ වූ මෙම කොටස ආපසු ඒමෙදී ටොන් 18ක් පමණ බරකින් යුක්ත විය.

මෙය අභ්‍යවකාශ සුන්බුන් අතරින් පෘථිවියට කඩාවැටෙන විශාලතම කොටස බවට ද සැලකේ.

එමෙන්ම එම කොටස අයත් වන්නේ දැනට අභ්‍යවකාශ ගත කර ඇති විශාලතම රොකට්ටුව වන චීන Long March-5b හි කොටසක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here