ඇමරිකා එක්සත් ජනපද බුද්ධි අංශවලට ලේඛන සියයට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී සමාජ මාධ්‍ය තුල සංසරණය වී මහා පරිමාණ බුද්ධි රහස් පිටත ගලායාම එක් සිදුවීමක් පමණක් බවට නවතම මාධ්‍ය වාර්තාවලින් අනාවරණය වේ.
ඒ අනුව මෙම සිදුවීම බටහිර මාධ්‍ය විසින් මහා අයිස් කුට්ටියක් පිටතට නිරාවණය වී ඇති කොටසක් වැනි බවත් එය එක්සත් ජනපද බුද්ධි අංශ දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්කර ඇති බවට සඳහන් කරයි.
මෙම බුද්ධි තොරතුරු නිරාවරණය වීම එක්සත් ජනපද මෑත ඉතිහාසයේ සිදුවූ විශාලත බුද්ධි තොරතුරු කාන්දුවීම ලෙසටද හැදින්වීමට හැකියාව පවතී.
එහිදී යුක්‍රේනයේ පවතින පතොරම් හිඟය, රුසියාවට එරෙහිව භාවිතා කරන ලද එක්සත් ජනපද ඔත්තු එකතු කිරීමේ ක්‍රම සහ යුක්‍රේනය, දකුනු කොරියාව සහ ඊශ්‍රායලය වැනි සමීප මිත්‍ර රටවල් කෙරෙහි එක්සත් ජනපදය ඔත්තු බැලීම පිලිබඳව ලජ්ජා සහගත සාක්ෂි ද ඇතුලුවත්ය.
ඒ අනුව බටහිර මාධ්‍ය ආරක්ෂ විශ්ලේෂකයින්ගේ අදහස් උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ මෙම සිදුවීම ඇමරිකා ජනපදයට තවදුරටත් හානි පැමිණිවීමට හැකියාව පවතින බවයි.
එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි මේ සම්බන්ධයෙන් ඉකුත්දා පැවසුවේ, එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ට මෙම බුද්ධි තොරතුරු බාහිර පාර්ශවයන් අතර පත්වීම සම්බන්ධනෙය් නිල වශයෙන් දැණුම්වත් කර ඇති බවත් ඊට අදාල කටයුතු මේවන විට සිදුකරමින් පවතින බවත්ය.
මෙම වසරේ පෙබරවාරි 23 දිනැති සහ රහසිගත ලෙස සලකුණු කරන ලද සමාජ මාධ්‍ය වෙත නිකුත් වූ එක් ලේඛනයක යුක්රේනය සතු සෝවියට් යුගයේ නිෂ්පාදිත S-300 ගුවන් ආරක්ෂක පද්ධති වර්තමානයේ භාවිතා කරන ආකාරය මෙම වසරේ මැයි 2 වන විට ක්ෂය වන ආකාරය විස්තරාත්මකව දක්වා ඇත. මෙම කරුණුත් සමඟ යුක්‍රේනය විසින් මෙම තත්ත්වය හමුවේ සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන ආකරයත් සඳහන් නොවීම් යම් ගැටලුකාරී ත්ත්වයක් වී ඇති බවට බටහිර මාධ්‍ය වර්තා පෙන්වා දෙයි.
කෙසේවෙතත් යුක්‍රේනය විසින් මෙලෙස සමාජ මාධ්‍ය වල පළවූ කරණු ව්‍යාජ බවට නිවේදනය කළේය. එහිදී යුක්‍රේන රජය ප්‍රකාශ කර සිටියේ තම උපාය මර්ග නෙවෙනස්ව ඉදිරියටත් ක්‍රියාත්මක කරණ බවත්ය.
මේ අතර සමාජ මාධ්‍ය වල පළවූ ලේඛනවල සත්‍යතාව නිල වශයෙන් තහවුරු කර නොමැති නමුත් පෙන්ටගනය ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සංවේදී සහ ඉතා රහසිගත ද්‍රව්‍ය අඩංගු බවය පෙනෙන ලේඛන සමාලෝචනය කරන බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන බහුතරයෙක් දෙනා පෙන්වා දී ඇත්තේ අදාල වර්ථා ව්‍යාජ නම් බටහිර රාජ්‍ය මෙලෙ ප්‍රතිචාර නොදක්වන බවයි. ඒ අනුව මෙම සිදුවීම යුක්‍රේන ගැටුම් වල සැලසුම් රුසියාව අතට පත්වීමට ඉඩ පවතින බවට පෙන්වුම් කරන සාක්ෂියක් බවත්ය.