අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (10) පෙරවරුවේ පැවැත්වේ.
ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.
කොමිසමේ සියලු සාමාජිකයින් එම සාකච්ඡාව සඳහා සහභාගී වීමට නියමිත ය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් ලබානොදීම හේතුවෙන් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිටත් තීරණයක් ගැනීමට නොහැකි වී ඇත.
අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාතච්ඡාවේදී එම ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.
මැතිවරණ කොමිෂන් සභාව ද හෙට (11) දිනයේ යළි රැස්වීමට නියමිතව ය.