Home special 90 දශකයේ සිත් සොරාගත් විදෙස් නළුවාගෙන් ලාංකිකයන්ට සටහනක්

90 දශකයේ සිත් සොරාගත් විදෙස් නළුවාගෙන් ලාංකිකයන්ට සටහනක්

90 දශකයේ සිත් සොරාගත් විදෙස් නළුවාගෙන් ලාංකිකයන්ට සටහනක්

අනූව දශකයේ අපි හැමෝම ආස කළ රොබින්සන් අන්දරයේ සහ විලියම් ටේල් හී රඟපෑ ඒ ආදරණීය කඩවසම් නළුවා කිරන් හචිසන් ලංකාවේ ප්‍රේක්ෂකයන් අමතමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

එම අපූරු සටහනේ සිංහල අනුවාදය පහතින්.

“අනූව දශකයේ ශ්‍රී ලාංකිය දරුවනි! මම ඔයාලා හැමෝගෙම කමෙන්ට් දකිනවා. තවද ඔබගෙන් 5000 ක් පමණ පසුගිය සතියේ මෙම පිටුව ෆලෝ කළ අතර එය මගේ හදවත ලොකු සතුටක් එක් කළා. ඔබගේ ආදරණීය පණිවිඩවලට බෙහෙවින්ම ස්තූතියි. ‘ඇඩ්වෙන්චර්ස් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන්’ (රොබින්සන් අන්දරය) සහ ‘ද ලෙජන්ඩ් ඔෆ් විලියම් ටෙල්’ මගේ ජීවිතයේ වැදගත් කොටසක් නියෝජනය කරනවා. මම නවසීලන්තයේ සුන්දර ස්ථාන කරා ගමන් කරන විට, මේ කතා මාලාවන් නරඹමින් හැදී වැඩුණු අය හමුවන විට, මට ඒ කතා මාලා මට වඩාත් විශේෂ වෙනවා.

බොහොම ස්තූතියි 😊

හචිසන් නවසීලන්ත ජාතික නළුවකු වන අතර ඔහු 1997 විකාශය වූ ඇඩ්වෙන්චර්ස් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන් කතා මාලාවෙන් සහ 1998 වර්ෂයේ විකාශය වූ ද ලෙජන්ඩ් ඔෆ් විලියම් ටෙල් කතා මාලාවෙන් ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත්විය.

එම කතා මාලාවන් දෙක ජාතික රූපවාහිනිය ඔස්සෙ විකාශය වීමත් සමඟ මෙරට ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගැනීමට ඔහුට හැකිවිය.

මෙම සාර්ථක කතා මාලාවන්ගෙන් පසු මදක් නිහඬ කාලයක් ගතකරන 48 හැවිරිදි හචිසන් අවස්ථා කීපයකදී චිත්‍රපට සහ කතා මාලාවලට දායක විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here