රුසියානු හමුදාවන්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ නේටෝව විසින් යුක්‍රේන හමුදා ගොඩනැගීම සඳහා සැලසුම් කළ රහසිගත මෙහෙයුමක තොරතුරු සමාජ මාධ්‍යවල පළවීමක් සම්බන්ධයෙන් නිව්යෝක් ටයමිස් පුවත්පත අනාවරණය කරයි.
ඒ අනුව අදාල ප්‍රහාර සැලසුම් කළ ආකරායත් සමාජ මාධ්‍ය වෙත පළකර ඇති බවට නිව්යෝක ටයිම්ස් පුවත්පතට එක්සත් ජනපද ජනාධිපතිවයරාගේ පරිපාලනයට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරින් සානාථ කර තිබේ.
අදාල රහසිගත තොරතුරු ට්විටර් හී සහ ටෙලි ග්‍රෑම් හි විශාල වශයෙන් සංසරණ්‍ය වී ඇති අතර මෙම තොරතුරු සමාජ මාධ්‍යට මුදා හැරීම සම්බන්ධයෙන් කවරෙකු සිටින්නේදැයි සොයා බැලීමට එක්සත් ජනපදයේ පෙන්ටගනයි විසින් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත.
මෙම තෙරතුරු සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් යුධ විශලේෂකයින් ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් කරණු එහිදී විකෘති කර ඇති බවයි. එහිදී යුක්‍රේන ගැටුම් වලින් මරණයට පත් රුසියානු හමුදා සාමාජිකයින් සම්බන්ධයෙන් ඇතැම් දත්ත විකෘත කර ඇති බවත් එම විශ්ලේෂකයින් පෙන්වා දුන් බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.
ඒ අනුව අදාල දත්ත වෙනස් කිරීම රුසියාව විසින් ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමට දැරූ උත්සහයක් වන්නටද ඉඩ පවතින බවට යුද විශ්ලේෂකයින් පෙන්වා ඇති බවද අදාල පුවත්පත වාර්තා කරයි.. එහෙත් අපේක්ෂිත ආයුධ බෙදාහැරීම්, භට පිරිස් සහ බලඇණි ශක්තිය සහ අනෙකුත් සැලසුම් පිළිබඳ ප්‍රස්ථාරවල ඡායාරූප පළවීම ඇමරිකානු බුද්ධි තොරතුරු විශාල වශයෙන් පිටතට ගලායාමක් ලෙසටද එම විශ්ලේෂකින් පෙන්වා දී ඇත.
මෙහිදී පෙන්ටගනයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් සබ්රිනා සිං ප්‍රකාශ කර සියේ, “සමාජ මාධ්‍ය පළ කිරීම් පිළිබඳ වාර්තා පිළිබඳව අපි දැනුම්වත් වෙලා සිටිනවා. ඒ අනුව අදාල දෙපාර්තමේන්තු එම කාරණය සමාලෝචනය කරමින් සිටීනවා,” යනුවෙනි.
යුක්රේනය සිය ප්‍රහාරය දියත් කිරීමට අදහස් කරන්නේ කෙසේද, කවදාද සහ කොතැනද වැනි නිශ්චිත සටන් සැලසුම් ලේඛන සඳහන් නොවේ. ඒ අනුව මෙම තොරතුරු වලින් නිසි කාල සීමාවකට අදාල කරුණු අනාවරණය කර ගැනීමට හැකියාවක් නොපවතින බවද ඔවුහූ පෙන්වා දෙති.
කෙසේවෙතත් මෙම තොරතුරු රුසියානා හමුදා ප්‍රධානානීන් හට වැදගත් තොරතුරු සපයා ඇති බවට පිළිගතයුතු බවත් එය ඉදිරියේදී අවාසි සහගත විය හැකි බවද ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.