Home Uncategorized දුම්රියක් පීලි පනී – 16ක් රෝහලේ

දුම්රියක් පීලි පනී – 16ක් රෝහලේ

0

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබුණු මගී දුම්රියක් ඊයේ දහවල් අග්බෝපුර කිතුල්උතුව ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව මගීන් 16 දෙනෙක් රෝහල්ගතකර ඇත.

කාන්තාවන් 09 දෙනෙක් සහ කුඩා දරුවන් 02 දෙනෙක්ද තුවාල කරුවන් අතර සිටින බව කන්තලේ රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කොළඹ කොටුව සිට ගල්ඔය දක්වා ගමන් කළ මෙම දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් වශයෙක් එක් කොටසක් මඩකලපුව බලාද අනෙත් කොටස ත්‍රිකුණාමලය බලාද ධාවනය වී ඇත. ත්‍රිකුණාමලය දක්වා ධාවනය වී ඇත්තේ මැදිරි 04කින් යුක්ත දුම්රියකි. එහි දෙවැනි මැදිරිය මෙසේ පීලි පැනීමකට ලක්ව ඇති බව පොලීසිය කියයි.

තුවාලකරුවන් අතර දුම්රියේ නියාමක සහ උප නියාමකද සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here