තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පදික වෙළඳුන්ට හැඳුනුම්පතක්

    පදික වෙළඳුන්ට හැඳුනුම්පතක්

    පදික වෙළෙඳුන් සදහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

    ඒ පදික වෙළෙඳුන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

    සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

    සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (06) පස්වරුවේ කොළොම්තොට එක්සත් වෙළඳ සංගමය ඇතුළු පදික වෙළෙඳ සංගම් නියෝජිතයන් හමු වූ අවස්ථාවේ දී ය.

    එහිදී පදික වෙළෙඳුන් සමඟ සාකච්ඡාවක නිරත වූ සාගල රත්නායක මහතා ඔවුන්ගේ ගැටලුවලට පදික ජනතාවට අපහසුවක් නොවන අයුරින් විසඳාදීමට එකඟ විය.

    එසේම පදික වෙළෙඳුන්ගේ ගැටලුලු පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත් ඒවාට නිසි විසඳුම් ලබාදීමට කමිටුවක් පත්කරන බවත් සාගල රත්නායක මහතා එහිදී පැවසීය.

    සාගල රත්නායක මහතා, පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරමින් පදික වෙළෙඳුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලුවලට ඒ අවස්ථාවේදී ම විසඳුම් ලබා දීමට ද පියවර ගත්තේය.

    පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, පදික වෙළෙඳ සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    සිංහල හිංදු අළුත් අවුරුද්ද සදහා ඇදුම් පැළඳුම් මිලට ගැනීම සදහා මහරගම පමුණුව අද දින පාරිභෝගිකයන්ගෙන් පිරී ඇති අයුරු නිව්ස්වේව් කැමරා ඇසට හසුවූයේ මෙසේයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img